Skip to content

July 4, 2011

11

ඊමේල් ගැන හිතන්නට යමක්

අන්තර්ජාලය හරහා අපි භාවිතා කරන සේවාවන්ගෙන් එකක් තමා විද්‍යුත් තැපෑල, එහෙම නැත්තම් ඊ මේල් කියන්නේ. ඊයක් වගේ ඉක්මනට ලෝකේ ඕනෑම තැනකට පණිවිඩයක් යවන්න කියාපු දේ :)නම කියපු ගමන් ඊ මේල් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්න නිසා කෙලින්ම මාතෘකාවට.
දැන් හැමෝම යන්න තමන් පාවිච්චි කරන ඊ මේල් සේවයට. අලුත් ඊ මේල් ලිපියක් ලියන්න පටන් ගන්න. වෙන විදියකට කියනවා නම් Compose New Mail වෙත යන්න. විවිධ ඊ මේල් සේවා වල මෙය විවිධාකාරයෙන් පෙන්නනවා. සමහර ඒවාගේ නිකන්ම Compose ලෙසත් සමහර ඒවාගේ compose email වගේ වචනත් තියෙන්න පුළුවන්. ඔය මොන වචනය තිබ්බත්, අලුත් ඊ මේලයක් ලියන්න පටන් ගන්නකොට අපිට පේනවා හිස් තැන් තුනක් ලිපිනය දාන්න පුළුවන්: To, CC, BCC

TO ඉස්සරහින් ඔබට අවශ්‍යය ලිපිනය හෝ ලිපින ඇතුලත් කළොත්  ඒ හැමෝටම බලාගන්න පුළුවන් අනිත් කෙනාගේ ඊ මේල් ලිපිනය.
CC (Carbon Copy) තීරුවේ දාන්න පුළුවන් ලිපිය යවා ඇති බව දැනගන්න අවශ්‍ය පුද්ගලයින්. උදාහරණයක් විදියට අපි හිතමු අපේ පාරිභෝගිකයෙකුට ඊ මේලයක් යවනවා අහවල් දවසට ඇවිත් අපේ කළමනාකාරතුමා හම්බ වෙන්න කියලා. එතකොට අපිට පුළුවන් පාරිභෝගිකයාගේ ලිපිනය TO තීරුවටත් , කළමනාකාරතුමාගේ ලිපිනය CC තීරුවටත් දාන්න. පාරිභෝගිකයා එතකොට දන්නවා කළමනාකාරතුමාත් මේ රැස්වීම ගැන දන්නවා කියලා. මේ ක්‍රමයේදී කළමනාකාරතුමාට, පාරිභෝගිකයාට සහ ලිපිය යවන අපි කියන පාර්ශව තුනටම එකිනෙකාගේ ඊ මේල් ලිපින බලාගන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගිකයාට අපි දෙන වෙලාවට එන්න බැරි නම් ඔහුට හැකියාවක් තියනවා කෙලින්ම කළමනාකාරතුමා එක්ක කතා කරලා වෙලාව වෙනස් කරගන්න. සිම්පල් ප්ලෑනක්.

 

 

 

 

 

 

 

BCC (Blind Carbon Copy) තීරුවට අපි කාගෙහරි ලිපින කිහිපයක් ඇතුලත් කළොත් ඒ ලිපිනයන් අනෙක් අයට පෙනෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි අපේ ඊ මේල් ලිපිනය BCC තීරුවට ඇතුලත් කිරීම නිසා අපිට ලිපියක් ලැබුනොත්, එම ලිපිය ලැබෙන අය විදියට පෙන්නන්නේ අපේ ඊ මේල් ලිපිනය විතරයි. අපි ඊ මේල් ලිපින සියයක් BCC කලත්, ඒ සිය දෙනාට  අනෙක් ඊ මේල් ලිපින 99 පෙනෙන්නේ නැහැ.ගොඩ දෙනෙක්ට යවන්න ඕනේ ලිපි තියනවා නම් මේ ක්‍රමය භාවිතා කරන එක හොඳයි. එකෙන් අපි අනික් අයගේ ඊ මේල් ලිපිනයන් ආරක්ෂා කරලා දෙනවා විතරක් නෙවේ අනවශ්‍ය ඊ මේල් ලැබීමේ සම්භාවිතාවත් අඩු වෙනවා.[ වැඩිදුර කියවීම ]

ඔය මුලික කරුණු ඊ මේල් භාවිතා කරන හැමෝම දැනගෙන සිටිය යුතු කරුණු.ඔය දේවල් ටික දන්නා කෙනෙක්ගේ අතින් CC හෝ BCC පාවිච්චි කරන්න ඕනේ තැනට forward පාවිච්චි වෙන්නේ නැති වේවි. මීළඟට හිතන්න ඕනේ දේවල් ටික.
ඊ මේල් කියන්නේ බොහෝ විට අපිට නොමිලේ ලැබෙන සේවයක්. නිකං ලැබෙන සේවයක් කියලා එක අනිසි විදියට පාවිච්චි කරන එක නම් වැඩිය හොඳ නැහැ. ලිපිය කියවන කෙනාගේ කාලය, ලිපිය කියවීම සඳහා ඔහුට වැය කිරීමට සිදුවන දත්ත ප්‍රමාණය ගැන නිතරම සැළකිලිමත් වෙන එක හොඳ පුරුද්දක්. විශේෂයෙන් අද බොහෝ දෙනෙක් ජංගම දුරකථන හරහා ඊ මේල් බැලීමට පුරුදු වී සිටින නිසා ජංගම දුරකථන වලදී පවා පැහැදිලිව කියවීමට හැකි විදියට ඊ මේල් යැවීම වැදගත්.

යම්කිසි කෙනෙකුට පණිවිඩයක් යවන්න අවශ්‍ය නම් පණිවිඩය හැකි තාක් කෙටියෙන් සහ පැහැදිලිව යැවිය යුතුයි. පිළිතුරු යැවීමත් ඒ විදියටම වෙනවා නම් ඒක හැමදෙනාටම පහසුවක්. සමහරු ඊ මේල් කියවන්න අකමැති හේතුවත් ඒවා වැඩකට නැති ආකාරයෙන් දිග වීම. එහෙම නැත්තම් වැඩකට නැති ඊ මේල් ලැබීම. ගොඩක් වෙලාවට අපට ලැබෙනවා ඊ මේල්, මේක දහ දෙනෙකුට යැව්වොත් ආදරය කරන කෙනා ඔබ හමුවීමට ඒවි , මේක දහ දෙනෙකුට යැව්වොත් මේ ලෙඩාට AOL එකෙන් ඩොලර් එකක් ලැබේවි කියලා. ඒවා අනෙක් අයට යවනවා නම් දෙවරක් හිතන්න. ඒ ලිපියේ යම්කිසි වැදගත් දෙයක්, එහෙම නැත්තම් හිනා වෙන්න පුළුවන් දෙයක් තියනවා නම්, ඒක අනික් අය එක්ක බෙදා ගන්න හිතෙනවා නම් forward  කරන්න. නමුත් කවදාවත් හිතන්න එහෙම ඊ මේල් හරහා එන තොරතුරු විශ්වාස කරන්න නම් එපා. මෙන්න ඒ විදියට ආපු එක ඊ මේල් එකක් ගැන පොඩි පරීක්ෂණයක් කළාම මට ලැබුන ප්‍රථිපලය. පරීක්ෂණ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න පටන් ගන්න තැන.

දැන් නම් මට කවුරු හරි බොරු විස්තර තියන ඊ මේල් එකක් එව්වොත් කරන්නේ හැරෙන තැපෑලෙන් පිළිතුරු යවන එක. පිළිතුරේ  අනිවාර්යෙන්ම අඩංගු වෙනවා ඊ මේලයේ අඩංගු තොරතුරු වැරදි බව සහතික කරන්න පුළුවන් ලින්ක් එකක්. ඒ වැඩේ දිග කාලයක් කරගෙන ආව නිසා දැන් නම් මට ඒ විදිය ඊ මේල් එනවා අඩුයි. කරලා බලන්න ඒ වැඩේ. ඒ විදිය ඊ මේල් එවන අය ලැජ්ජාව නිසාම වැඩේ නවත්තලා දානවා ටික දවසකින්.

ලිපියේ දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

~ Deepika Priyadarshani @deepsishere

Read more from Articles, Guides
11 Comments Post a comment
  1. Uthpala Shyamendra
    Jul 4 2011

    බොහොම වටින උපදෙස් සහිත ලිපියක්. බොහොමත්ම ස්තුතියි ස්පෑම් ලියුම් ගැන වටිනා තොරතුරු ටිකක් බෙදාගත්තට.

    මමත් පොඩි දෙයක් එකතු කරන්න කැමතියි.
    කාර්යාල වල නිල විද්‍යුත් ලියුම් භාවිතා කරන හුඟ දෙනෙක් තමන්ගේ පුද්ගලික තොරතුරු, පින්තුර සහ වෙනත් නොයෙකුත් දේවල් යවන්නත් එම නිල ලිපිනයම භාවිතා කරනවා. ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි කියල එයාලට තේරෙන්නේ නැහැ.

    එහෙම තමන්ගේ පුද්ගලික දේවල් යවන්න තමන්ගේ රාජකාරි ලිපිනය යොදාගන්න ඒක මොනතරම් අවදානම් ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමන් යවපු අනවශ්‍ය යම් දෙයක් වටේම ගිහින් කොහෙන් හරි තමන්ගේම ආයතන ප්‍රධානියා වෙතට ගියොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? 🙂

    ඒ නිසා තමන්ගේ පුද්ගලික ලිපි හුවමාරුවට රාජකාරිමය නොවන වෙනත් විද්‍යුත් ලිපි සම්බන්දතාවයක් යොදාගන්නවානම් ඒක වඩාත් සුදුසුයි කියල මතක තියාගන්න.

    Reply
    • Jul 9 2011

      අනිවාර්යෙන්ම. තව සමහරු ඉන්නවා ඔය වැඩේ හිතලම කරන. එයාලට ඕනේ තමන්ට කාර්යාලයෙන් ඊ මේල් ලිපිනයක් තියනවා කියලා පෙන්නන්න. ඒක නිසා පුද්ගලික වැඩ වලටත් පාවිච්චි කරනවා කාර්යාලීය ලිපිනයම. ඒක නම් වැරදි වැඩක්…ස්තුතියි ඔබගේ අදහස් බෙදා හදා ගත්තාට

      Reply
  2. කොච්චර කිවුවත් ඔය වගේ ඉමේල් forward කරන මෝඩයොත් ඉන්නවා.. මට නම් අප්පිරිය වෙලා තියෙන්නේ. එවන එක එවපං BCC දාලා. එහෙම කරන්නෙත් නැ.. අර කලිං forward කරපු මේල් ඇඩ්‍රස් ඔක්කොම එක්ක තමා එවන්නේ..

    Reply
    • Jul 9 2011

      කියලා වැඩක් නැහැ…එතකොට ඊ මේල් ඒක බලන්න විනාඩි 5 ක් විතර පහලට ස්ක්‍රෝල් කරන්න වෙනවා

      Reply
  3. ළහිරු හිමේෂ්
    Jul 13 2011

    Uthpala Shyamendra කියපු කතාව ඇත්තම ඇත්ත. මොකද ඇත්තටම මේ විදියට තමන්ගේ ආයතනයේ ලිපිනය භාවිතා කිරීම තමන්ගේ ආයතනයටත් විශාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

    Reply
  4. Jul 23 2011

    වටිනා කරුනු ඇතුලත් ලිපියක්. බොහොම ස්තූතියි!!

    Reply
  5. මේක නම් නියමයි අද තොරතුරු තාක්ෂණ පේපර් එකට ආවා අර කාබන් කොපි සීන් එක, ෂිට් ! මම හෙන පචයක් කෙලලා තියෙන්නේ. දැං ඉතිං අවුලක් නෑ ආයේ ආවොත් ගේමක් නැතුව දෙන්න පුලුවන්.. බොහොම ස්තුතියි ලිපියට.. මගෙන් සුභ පැතුම් !!

    Reply
    • Aug 8 2011

      දැන් දන්නවනේ 🙂 හැබැයි දැනගෙන විතරක් මදි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න

      Reply
  6. Aug 1 2011

    බොහොම ස්තූතියි මේ දේවල් කියල දුන්නට.. ඉස්සර ඉදන්ම එක එක email යැව්වත් අද තමා මේ දෙකෙන් වෙන දේවල් ඉගෙන ගත්තේ…

    🙂

    Reply
  7. හරිම වැදගත් ලිපියක්, දැනට වසර ගනනාවක් කලින් ඉඳන් ඊමේල් යැව්වත්, නොදන්න කරුනු ගොඩක් දැනගත්ත. ස්තූතී

    Reply
  8. Nushaka
    Nov 17 2011

    bcc walata dana email address 2kak atharata , aniwarayanma danna oneda.

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->