Skip to content

Posts by GNS

22
Jul

ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?

ගොඩක් අය විවිධ මතයන් ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි බැටරිය විදුලිය හා සම්බන්ධ කරගෙන වැඩ කිරීම. සමහරෙක්ට අනුව එසේ කිරීම සුදුසුයි, තවකෙක්ට අනුව එසේ කිරීම සුදුසු නැහැ. මෙම සටහනින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි.

ප්‍රධාන වශයෙන් අද වෙනකොට භාවිතා වෙන බැටරි වර්ගය තමයි ලිතියම්-අයන් (Li-ion). ලැප්ටොප්, ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදී අයිතම ගණනාවක් තුල භාවිතා වෙන්නෙ මෙම බැටර් වර්ගයයි. මීට පෙර භාවිතා වුනේ නිකල් බැටරි (Ni-MH) නිකල් බැටරි භාවිතා කලයුතු වුනේ බොහොම පරිස්සමින් (තවමත් ඇතැම් කැමරා වර්ග සඳහා තවමත් භාවිතා කරන්නෙ නිකල් බැටරි). මොකද මෙම බැටරි නැවත් ආරෝපණය (Charge) කරන්න, දැනට තියෙන ආරෝපනය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු සිටිය යුතුයි. නැතුව අතරමැදින් චාජ් කලොත් වෙන්නෙ බැටරිය බොහොම ඉක්මනින් සවුත්තු වෙලා යන එක.
නමුත් ලිතියම් බැටරි වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. මෙම බැටරි තුල වෙනමම පරිපථයක් අඩංගු වෙනවා බැටරියේ දැනට ආරෝපනය වී ඇති ප්‍රමාණය දැනගැනීමට. එම නිසා පරිපථය දන්නවා මේ වන විට බැටරියේ ආරෝපනය වී ඇති ප්‍රමාණය. එම නිසා නැවතත් විදුලිය හා සම්බන්න කල විට පරිපථය විසින් බැටරියේ හිඟ ආරෝපණ ප්‍රමාණය පමණක් ලබාගෙන චාජ් කිරීම නවතා දමනවා. එතැන් සිට කෙලින්ම ප්‍රධාන විදුලියෙන් තමයි උපාංගය බල ගැන්වෙන්නෙ.
ඇතැම් විට අලුතින් මිලදී ගත් ලැප්ටොප් වල පවා බැටරිය හානි වී ඇති බව මෙහෙයුම් පද්ධතිය මගින් දන්වනවා. නමුත් සාමාන්‍ය පරිදි නියමිත කාලයම උපාංගය ධාවනය වෙනවා ඔබ දැක ඇති. එසේ වන්නෙ කලින් සඳහන් කල පරිපථයට පමණත් හානි වී ඇති විටයි.

ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භාවිතය සුදුසුද?
පිළිතුර : ඔවු. ගැටළුවක් නැහැ

සමහරුන් මතයක් දරනවා බැටරිය චාජ් වී අවසන් වූ පසුව විදුලියෙන් විසන්ධි කර භාවිතා කල යුතු බවට. ජංගම දුරකථන, කැමරා, ටැබ් ආදියට නම් විදුලියෙන් විසන්ධි නොකර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසුයි. නමුත් ලැප්ටොප් එසේ අපහසු නැහැ. කෙසේ වුවත් මෙසේ විදු​ලියෙන් විසන්ධි කර භාවිතා කිරීමෙන් වෙන්නෙ බැටරියේ ආයු කාලය ඉක්මනින් අවසන් වෙන එක.
බැටරියක් නිෂ්පාදනය කිරීමේදී එහි ආයුකාලය charge cycle වලින් දල ගණනයක් සිදු කරනවා. බැටරියෙන් බැටරියට මෙම cycles ගණන වෙනස්. මෙහිදී එක cycle එකක් කියන්නෙ පැයක් දෙකක් භාවිතා කර නැවත චාජ් කිරීම නොවෙයි.
බැටරියේ එක charge cycle එකක ආයු කාලය පැය 4ක් කියා සලකන්න (charge cycle එකක ආයුකාලය යනු සම්පූර්ණයෙන්ම චාජ් කර, නැවත චාජ් කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම බැස යන තෙක් සම්පූර්ණ කාලයයි). මෙම බැටරිය පැය දෙකක් භාවිතා කර නැවත වරක් චාජ් කලහොත් බැටරියේ එක life cycle එකක් සම්පූර්ණ වන්නේ නැහැ. එවිට අවසන් වනේ charge cycle බාගයක් පමණයි. නැවතත් පැය දෙකක් භාවිතා කර තවත් වරක් චාජ් කලහොත්, එවිට charge cycle “එකක්” සම්පූර්ණයි. (කලින් පැය 2 + දැන් පැය 2 = පැය 4)


Image Source : apple.com/batteries

සිතන්න ඔබ සැමවිටම ලැප්ටොප් යන්ත්‍රය විදුලියෙන් විසන්ධි කර පාවිච්චි කරනවා කියා, ඔබ සිදුකරගන්නේ බැටරියේ charge cyclesගණන වැඩි කරගැනීමයි.

බැටරි ගැන කතා කල Techකතා (Epi 132 : July 20, 2012) වීඩියෝව පහතින් නරඹන්න
TechKatha Episode 132

9
Jun

Facebook App Center නිකුත් වෙයි..

Facebook තුලදී භාවිතා වෙන Apps එකතුව වර්ගීකරණය කර Facebook App Center නමින් ඊයේ දින (ජූනි 8 ) එළිදැක්වුවා. ආරම්භයේදී විවිධ ප්‍රවර්ගයන්ට අයත් ඇප්ස් 600ක් පමණ මෙම ඇප් සෙන්ටර් හි අන්තර්ගත බවයි පැවසෙන්නෙ.
https://www.facebook.com/appcenter ලිපිනය ඔස්සේ ​Facebook AppCenter වෙත ප්‍රවේශ වීමට පුළුවන්.
මෙහි ඇප්ස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරල තියෙන්නෙ. එනම් Timeline Apps හා Mobile Apps ලෙසින්.
Timeline Apps ඔබගේ Facebook Timeline එකට එකතු වෙනවා. ඒවා ඔබගේ Timeline එකේ ඉහලින්ම දකින්න පුළුවන්.
Mobile Apps දැනට ක්‍රියාත්මක වෙන්නෙ Android හා iOS සඳහා පමණයි. ඒ සඳහා ඔබගේ Facebook Mobile App එක AppStore/PlayStore වෙතින් යාවත්කාලීන කරගතයුතු වනවා. එවිට “Apps & Games” ලෙසින් නව අයිතමයක් ප්‍රධාන මෙනුවට එකතු වේවි.
මෙම සියළුම ඇප්ස් ලැයිස්තු වෙත පරිගණය ඔස්සේ පිවිසෙන්න පුළුවන්. එසේ පිවිස “Go to App” හරහා Timeline එකට එකතු කරගැනීමටත්, “Send to Mobile” මගින් එම ඇප් එක බාගත කරගැනීමට ​ජංගම දුරකථනය වෙත link එකක් යැවීමටත් පුළුවන්. Mobile Apps බාගත කරගැනීමට Link එකක් පමණයි යැවෙන්නෙ. එවිට එම App එක අඩංගු AppStore / PlayStore පිටුව වෙත ඔබව යොමුකෙරෙනු ඇත.

AppCenter හි ඇති ප්‍රධාන වාසිය නම් අදාල ඇප් එක පිළිබඳ සියළුම විස්තර එකම පිටුවක දක්නට පුළුවන් වීම. එමෙන්ම අසම්පූර්ණ විස්තර සහිත ඇප් වල විස්තර සම්පූර්ණ කරන ලෙස ​Facebook සමාගම Apps වල Developersලාගෙන් ඉල්ලා සිටිනවා. ඔබත් Facebook App Developer කෙනෙක් නම්, App Center Tutorial මගින් විස්තර ලබාගෙන තමන්ගේ Apps වල detail pages සම්පූර්ණ කිරීම එම ඇප්ස් භාවිතා කරන්නන්ට පහසුවක් වේවි.

1
Jun

Windows 8 Release Preview

Windows 8 එළිදැක්වීමට පෙර අවසාන අත්හදාබැලීමේ නිකුතුව ඊයේ නිකුත් වුනා. එ​නම් මෙය තමයි නොමිලේ ලබාගත හැකි අවසාන වින්ඩොස් 8 සංස්කරණය. මෙය තමයි බොහෝ විට අවසාන නිකුතුව වන්නේ (සැලකියයුතු තර​මේ වෙනස්කමක් කිරීමට වුවොත් හැර).
මයික්‍රොසොෆ්ට් සමාගම පවසන අන්දමට Windows 8 Release Preview සමග Internet Explorer 10, හො​ට්මේල් සහ SkyDrive මෙන්ම ලයිව් මැසෙන්ජර් සදහා නවතම මෙට්රෝ ඇප්ස් අන්තර්ගත කරලයි ​තියෙන්නෙ. තවත් ඇප්ස් විශාල ප්‍රමාණයක් Windows Store හරහා ලබාගත හැකියි.
තවද මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ මෙය තවමත් අත්හදාබැලීමේ සංස්කරණයක් නිසා පරිගණක පිළිබඳ හොඳ දැනුමක් ඇති අය පමණක් මෙය අත්හදා බලන ලෙසයි. මන්ද යත්, මින් සිදුවන කිසිම ආකාරයක පාඩුවකට මයික්‍රොසොෆ්ට් සමාගම වග නොකියන නිසා.

ඔබටත් වින්ඩොස් 8 අත්හදා බැලීමට අවශ්‍ය නම් පහත සබැඳුම ඔස්සේ වින්ඩොස් 8 බාගත කරගන්න පුළුවන්.
Download Windows 8 ISO

මෙම Image එකෙන් Bootable USB එකක් සාදාගැනීම සඳහා Windows 7 USB/DVD download tool එක බාවිතා කරන්න

20
Apr

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට

ලෝකප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මෙතෙක් කල් නිෂ්පාදනය කලේ පරිගණක සඳහා ප්‍රොසෙසර් පමණයි. නමුත් දැන් ඔවුන් ජංගම දුරකථන සඳහාත් ප්‍රොසෙසර නිපදවීම පටන් අරන්. ඔවුන්​ගේ ප්‍රොසෙසරයක් සහිත පළමු ජංගම දුරකථනය වන Xolo X900 වෙළඳපොලට නිකුත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් වල Lava International සමාගම.


දුරකථනයේ විස්තර :
CPU : Intel Atom Z2460 (1.6GHz)
GPU : PowerVR SGX540 (400MHz)
RAM : 1GB
Display : 4.03-inch display with 1024 x 600 resolution (295 PPI)
Camera : 8MP Rear camera with flash, 10fps burst mode and 1080p video recording. 1.3MP Front camera
Internal Storage : 16GB
Connectivity : HSPA+ (21Mbps), HDMI, NFC built-in
OS : Android 2.3 (Gingerbread)

මෙම දුරකථනය ​අප්‍රෙල් 23 වෙනිදා වෙළඳපොලට නිකුත් වෙන බව තමයි පැවසෙන්නෙ, ඉන්ටෙල් වෙබ් අඩවියට අනුව මෙහි මිල ඉන්දියානු රුපියල් 22,000ක් පමණ වෙනවා.

Source : Intel News Room

15
Apr

Apple Store සමග තරඟ කිරීමට ‘Microsoft Store’…

ඈපල් උපාංග වල විකුණන්න ඇපල් අනුගමනය කරන එක උපක්‍රමයක් තමයි ‘ඇපල් ස්ටෝර්’. මොකද, ඇපල් ස්ටෝර් වල තියෙන්නෙ ඇපල් නිෂ්පාදන පමණක් නිසා වෙනත් නිෂ්පාදන සමග කිසිම තරඟයකට මුහුණ දෙන්න දෙයක් නැති වීම. එම උපක්‍රමය අනුගමනය කරන්න මයික්‍රොසොෆ්ට් සමාගමත් දැන් පෙළඹිලා තියෙන්නෙ. ඔවුන් මේ දිනවල කරන්නෙ ‘මයික්‍රොසොෆ්ට් ස්ටෝර්’ නමින් ඔවුන්ගේම ප්‍රදර්ශනාගාර ආරම්භ කරන එකයි. (මෙහිදී ඔවුන් විකුණන්නෙ තමන්ගෙ මෘදුකාංග අඩංගු උපාංග. වින්ඩොස් දුවන ටැබ්ලට්, වින්ඩොස් ෆෝන් 7 ආදිය)
ආරම්භයේදී පාරිභෝගික ආකර්ශනය වැඩිකරගන්න ඔවුන් අනුගමනය කරල තියෙන්නෙ අපූරු උපක්‍රමයක්, ඒ පුළුවන් තරම් ඇපල් ප්‍රදර්ශනාගාර වලට ලඟින් මයික්‍රොසොෆ්ට් ප්‍රදර්ශනාගාර පිහිටුවීම.

මේ විදිහට තමන්ගේම ප්‍රදර්ශනාගාර පටන් ගන්න ​බොහෝ දෘඩාංග නිෂ්පාදකයන් පෙළඹෙන් බවක් තමයි දකින්න තියෙන්නෙ,​ හේතුව ඔක්කොම කල​වමේ තියෙන ප්‍රදර්ශනාගාර වලදි තමන්ගෙ brand එකට එන ආකර්ශනය අඩු වීමේ ඉඩකඩ වැඩි වීම.
මේ සංකල්පය ටික ටික ලංකාවෙත් ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ, යුනිටි ප්ලාසා පැත්තෙ ගියොත් දැකගන්න පුළුවන්​ (100%ක්ම එම brand එකම නොවුවත්) Dell Store, HP Store එහෙම තියෙනවා..

Source : C|net

13
Apr

Flashback Malware සඳහා විසඳුමක් ඇපල් එලිදක්වයි.

පෙර සටහනකින් දැන්වූ ඇපල් පරිගණක සඳහා වූ මැල්වෙයා වැඩසටහන, ඉවත් කිරීම සඳහා වූ නවතම යාවත්කාලීන කිරීමක් මේ වන විට ඇපල් විසින් නිකුත් කරල තියෙන්නෙ. මෙම යාවත්කාලීන කිරීම “Java for OS X 2012-003” ලෙසින් ඇපල් Software Update හරහා ලබාගන්න පුළුවන්.
එමෙන්ම Mac OS X Lion සඳහා මෙම යාවත්කාල කිරීම් මගින් ඉබේම ජාවා ඇප්ලට් ධාවනය වීම නවත්වා ඇති අතර, පරණ මැක් ඕ.එස්. නිකුතු සඳහා තමන් විසින්ම එම සැකසුම කරගන්නා ලෙසට ඇපල් දන්වා සිටිනවා.

7
Apr

ස්පෑම් යවන්නන්ට ‘ට්විටර්’ වෙතින් නඩු..!!

ට්විටර් සමාජ ජාලයම මේ වන විට ලෝක‍යේ ප්‍රධාන සමාජ ජාල අතරින් එකක්. මේ වන විට එහි සාමාජිකයන් සංඛ්‍යාව මිලියන එකසිය හතලිහත් ඉක්මවලයි තියෙන්නෙ. ලංකාවේත් ට්විටර් පාවිච්චි කරන්නන්, ට්විටර් හරහා සංවිධානය වූ හමුවීම් (TweetUp) එහෙමත් අඩුවක් නැහැ.

ට්විටර් පාවිච්චි කරන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ස්පෑම්කරුවන්ගේ කරදර වලට අහුවෙන එක. බොහෝ විට තම ට්විටර් ගිණුම විවෘතව (Unprotected Tweets) තබාගෙන ඉන්න අයට තමයි වැඩිම කරදරේ. මේ පුවත එහෙම අයට ඉතාමත් සුභ ආරංචියක් වෙයි. ඒ තමයි ට්විටර් විසින් ප්‍රධාන පෙලේ ස්පෑම්කරුවන් පස් දෙනෙක්ට එරෙහිව නඩු ගොනු කරපු සිදුවීම. අප්‍රේල් 4 වෙනිදා තමයි ට්විටර් මෙසේ නඩු ගොනු කලේ.

TweetAttacks (tweetattacks.com), TweetAdder (tweetadder.com), TweetBuddy (tweetbuddy.com), James Lucero (of justinlover.info) and Garland Harris (of troption.com) කියන පස් දෙනාට එරෙහිව තමයි මෙසේ නඩු ගොනු කරල තියෙන්නෙ. මොවුන් ස්පෑම්කරුවන් කිවුවට මොවුන් ස්පෑම් යවන්නෙ නෑ, ස්පෑම් යවන tool නිපදවීම තමයි මොවුන්ට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනාව. (ස්පෑම් ත් යවනව ඇති ඔය කිවුවට) විශේෂයෙන්ම මෙසේ ප්‍රධාන පෙලේ ස්පෑම්කරුවන්ට නඩු දාලා තියෙන්නේ, අනිත් ස්පෑම්කරුවන්ටත් එල්ල කරන රතු එලියක් ‍විදිහට.

ට්විටර් නීති මාලාව කඩකරන්නන්ට ‍එරෙහිව තදින්ම ඉන්න ට්විටර් ගත්ත තීරණය නිසා ඉදිරියට ට්විටර් ඉතාම යහපත් සමාජ ජාලයක් වේවි..

ඉහත සඳහන් කරපු අයට එරෙහිව ගොනුකරපු නඩු වල පිටපත් මෙතනින්..

 

මූලාශ්‍රය : Mashable

3
Apr

ගූගල් වෙතින් අප්‍රේල් විහිළු!

අප්‍රේල් පලවෙනිදා කියන්නේ කාගෙ දවසද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒ දවස හුඟක් අය කාව හරි ගොනාට අන්දන්න තමයි කොහොම හරි උත්සාහ කරන්නෙ. අනිත් දේවල් අතින් වගේම ගොනාට ඇන්දිලි අතිනුත් ඉදිරියෙන්ම ඉන්න සමාගමක් තමයි ‘ගූගල්’.

සෑම අවුරුද්දකම මොකක් හරි බොරු නිෂ්පාදනයක් ගැන ලස්සනට ගොතපු කතා ගූගල් සමාගම ප්‍රසිද්ධ කරන්නෙ අදක ඊයෙක ඉඳන් නම් නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ‘ජීමේල්’ සේවාවත් ඒ විදිහට කරපු අප්‍රේල් විහිළුවක් සැබෑ වීමක්.

අනිත් අවුරුදු වලට සාපේක්ෂව ගූගල් සමාගමේ විවිධ කණ්ඩායම් මේ අවුරුද්දෙ අප්‍රේල් විහිළු ඉදිරිපත් කරල තියෙනවා. ගණන එකක් දෙකක් එහෙම නෙමෙයි. පහලොවක්!

1. 8bit Google Map

ඔවුන්ගේ සුප්‍රසිද්ධ සිතියම් සේවාව බිට් 8 ආකාරයෙන් තමයි අප්‍රේල් පළවෙනිදා දවස පුරාම දිස්වුනේ. දැන් එය සක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් මෙම පුරුක ඔස්සේ පිවිසෙන්න

Read moreRead more

-->