Skip to content

Posts by හර්ෂදේව

30
May

Facebook සමාගමේ මීළඟ ඉලක්කය Opera?

Facebook කොටස් වෙළද පොලට ඇතුළු වීමෙන් පසු සිදුවීම් ගණනාවක් සිදු උනා. අප කලින් සඳහන් කරා වගේ Facebook ඔවුන්ටම කියල Browser එකක් සඳහා ඉව අල්ලමින් සිටිනවා.

අලුත්ම ආරංවිය තමයි ඔවුන් Opera Browser එක මිලදී ගන්න යන වග. මේ සඳහා Facebook සමාගම විශාල මුදලක් (ඩොලර් බිලියන 1.35 පමණ) වැය කිරීමට සුදානමින් සිටින බව කියවෙනවා.

Opera කියන්නේ බොහෝ mobile platforms වල ජනප්‍රිය, මිලියන 200 වඩා Opera Mobile සහ Opera Mini subscribers පිරිසක් ඉන්න සමාගමක්. ඒ නිසා Facebook Opera මිලදී ගත්තොත් ඔවුන්ට එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් – ඒ කියන්නේ Google Chrome + Google Plus වෙත හොඳ තරගයක් දීමට සහ ඔවුන්ගේ mobile presence වැඩි කරගැනීමට උපකාරී වෙනවා.

ඒත් සමහරු කියන්නේ මේක Instagram මිලදීගැනීම වගේ අනවශ්‍ය සල්ලි නාස්ති කිරීමක් වෙයි කියල.

තත්වය කෙසේ උනත් ඩොලර් 38න් පටන් ගත්ත Facebook සමාගමේ එක කොටසක අගය අද වන විට ඩොලර් 29 දක්වා බැස තිබෙනවා. Mark Zuckerbergගේ මේ තීරණ ඉදිරියේදී කෙසේ බලපායිද? Google සමාගමේ Google Plus Social Network එක මේකට කෙසේ උත්තර දෙයිද? අප බලා සිටිමු.

-->