Skip to content

April 13, 2012

Developers ලට දැන් Windows 8 apps test කරන්න පුලුවන් iPad එකේ!

Windows 8 නිකුත්වෙන්න මාස ගනක් කල් තිබුනත්, Windows 8 tablet application test කරන අයට හා Microsoft හට තියන ලොකුම ගැටලුව, කොහොමද මේ developers ලාට tablet application test කරන්න දෙන්නේ කියලා. iPhone, Android app සාදන්නට තමන්ගේ app Metro app වලට හරවන්නේ කොහොමද කියන එකත් ගැටලුවක් හරියට Windows 8 tablet එකක් නොමැතිව.

මේ අඩුව පුරවන්න වෙනත් සමාගම්ක් දින කීපයකට කලින් Windows 8 Metro Testbed නිකුත් කරා iPad සදහා. මෙමගින් Windows 8 tab සදහා development කරන අයට තමන්ගේ app එක මෙය යොදාගෙන test කරන්න හැකි වෙනවා.

ඇයි iPad කියා ඇසුවිට Cliff, Splashtop සමාගම වෙනුවෙන් කියා සිටියා $500-1000 දී Windows tablet එකක් ගන්නවාට වඩා තමන් ලග දැන් තියන iPad එක බාවිතා කරන එක developers ලට ලාබ වගේම පහසු වෙන බවයි. දැනට Windows 8 tablet වෙලදපොලට නිකුත් වී නැති නිසාත්, Windows 8 නිකුත් වෙනකොට October වෙනකන් බලා නොසිට developers ලා හට තමන්ගේ app දැන්ම test කිරිමේ හැකියාව ලැබෙනවා.

Read more from News

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->