Skip to content

July 6, 2011

6

දුම් පරික්ෂාවේ (Green Test) ඇති අගයන් ගෙන් කියන්න මොනවද ?

Green Test (Eco Test) කරාට එහි දැක්වෙන අගයන්න හා නම් වලික් කියන්නේ මොකද කියන එක ගොඩක් ගැටලුවක්, මේක අපේ Techකතා Google Group එකේ කතාවුන දෙයක්, නමුත් මෙය ගොඩක් අයට වැදගත් වෙයි කියලා අපිට සිතුනා.

SPEED (RPM)  : එන්ජිම මිනිත්තුවකට කැරකෙන වාර (වට) ගනන.

දුම් පරීක්ෂාව වේග දෙකක් සදහා කලයුතු වෙනවා IDLE :- එංජිම නිදහස්ව ඇතිවිට (භාර රහිත). 2500 RMP :-එංජිම වේගය  මිනිත්තුවට- වට 2500 දී. ඉහත අවස්ත කියාකරී එන්ජින් උශ්නත්වයේදී හා තත්30 පමන ඒ ඒ වේගයන් හි ස්ථායීව තැබීමෙන් අනතුරුව පරීක්ෂා කලයුතු වෙනවා.


HC (PPm v/v) :  පිටාර වායුවේ ඇති නොදැවුනු හයිඩ්‍රොකාබන් (පෙට්‍රොල්)

ප්‍රමාණය(පරිමාව අනුව කොටස් මිලියනයකට කොටස්) නවීන හොද වාහනයක IDLE හිදී සුලු ප්‍රමානයක්ද 2500RPM හිදී බින්දුව හෝ ආසන්න අගයක් ගත යුතු වෙනවා. මෙය එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොපමන ප්‍රමාණයක් භාවිතා නොවී අපතේ යන ප්‍රමානය ගැන මිනුමක් වෙයි.

C0 (% v/v) : පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ ප්‍රමාණය(පරිමාව අනුව ප්‍රතිශතයක් ලෙස)

මෙය එංජිමේ පෙට්‍රොල් අර්ධ දහන පිලිබද මිනුමක් වෙයි. එමෙන්ම එය කැටලිටික් කන්වර්ටරයේ ක්‍රියාකාරීත්වය ගැනත් කියවෙනවා.  CO වැඩි වීම පෙට්‍රොල් වැඩිපුර ලැබීම හෝ , Air Filter block වීම, plug හරි හැටි ක්‍රියා නොකිරීම නිසත් වෙන්න පුලුවන්.පාරිසරික වශයෙන්ද CO යනු ඉතා අහිතකර වායුවක් වන නිසා හැකි අවම මට්ටමක පවත්වා ගත යුතු වෙනවා.

LAMBDA  : දැන් වාහනයේ වායු-ඉන්ධන අනුපාතය (Air to Fuel ratio)

ස්ටොයිකියොමිතික වායු-ඉන්ධන අනුපාතය සමග දක්වන අනුපාතය.
මෙය කෙලින්ම කරන මිනුමක් නොව , HC, CO, CO2, O2 මිනුම් ඇසුරෙන් කරන ගනනය කිරීමකි. මෙය සැම විටම 1.00 ට  ආසන්න පවත්වා ගැනීම නවීන එංජින් පාලක පද්ධතියක උත්සාහයයි. මෙය 1.00 වඩ වැඩි වීම පෙට්‍රල්-වායු මිශ්‍රනයේ වතය වැඩිබවත්. 1.00 වඩා අඩු වීම පෙට්‍රල් වැඩි බවත් පෙන්නුම් කරයි.

O2 : පිටාර වායුවේ ඉතිරිව ඇති ඔක්සිජන් ප්‍රමාණය(පරිමාව අනුව ප්‍රතිශතයක් ලෙස)

කිසිදු දහනයක් සිදුනොවන විට 20% පමනද, හොදින් දහනය සිදුවන විට 1.5~2.0% පමන අගයක්ද පවතිනවා.

CO2 : පිටාර වායුවේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය(පරිමාව අනුව ප්‍රතිශතයක් ලෙස)

හොදින් දහනය වන විට වැඩි අගයක්ද දහනය අසම්පූර්න විට අඩු අගයක්ද් ගන්නවා.

Estimated fuel wastage: මෙය එංජිමට දුන් පෙට්‍රල් වලින් කොපමන

ප්‍රමානයක් නොදැවී අපතේ යනවා යන්න ප්‍රතිශතයක් ලෙස ගනනය කිරීමක් (HC+CO+CO2 => ලබා දුනි මුලු පෙට්‍රල් ප්‍රමානය, HC (+CO) => අපතේ ගිය ප්‍රමානය). උදාහරනයක් ලෙස:පලමු වාර්තවට අනුව එංජිමට ලබාදෙන පෙට්‍රල් ලීටරයකින් (1000ml) 22.% පමන (220 ml) කිසිදු වැඩක් නොගෙන සයිලන්සරයෙන් පිටවී යනවා.තවත් ආකාරයකට කිව්වොත් ඔබ රථයට දමන සෑම පෙට්‍රල් ලීටරයකින්ම (125/=) රුපියල් 27.74 වටිනා පෙට්‍රල් ප්‍රමානයක් අපතේ යනවා.

-සදීප සේපාල

6 Comments Post a comment
  1. අමුතු
    Jul 6 2011

    එල එ…ල මේක නම් හරිම වැදගත් 🙂

    Reply
  2. Ashen
    Jul 10 2011

    Good article! Thanks 🙂

    Reply
  3. Jul 13 2011

    වැදගත් ලිපියක්…දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා ගොඩක්..ස්තුතියි

    Reply
  4. pavithra Dharmapriya
    Aug 2 2011

    ගොඩක් වැදගත් ලිපියක්.බොහොම ස්තුතියි.

    Reply
  5. asanka
    Oct 14 2011

    niyamai

    Reply
  6. Geesha Gehan Anurad Surendra
    Jan 8 2012

    ela post eka.eunata me dhum parikshawa karana kramaya harina….

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->