Skip to content

July 15, 2011

44

Software හොරුන්ගෙන් බේරෙමු…

මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කට්ටිය නොදන්නා හා ගොඩක් කට්ටිය දන්නවා කියල හිතන් ඉන්න මාතෘකාවක් ගැන , ඒ තම මෘදුකාංග හොරෙන් පාවිච්චි කීරීම ගැන . මොකද දන්නවද ? මේ හොරෙන් මෘදුකාංග පාවිචිය නිසා එම මෘදුකාංග අයත් සමාගමට වසරකට මිලියන ගනන් මුදල් පාඩු වෙනවා . ඒ විතරක් නෙමේ, අලුත් මෘදුකාංග හදන්න ඒ අයගේ තියෙන්න උනන්දුවත් අඩු වෙනවා . ලංකාවේ වගේ ආසියාවේ මිනිසුන්ට මෘදුකාංග සල්ලි ගෙවලා නියම ආකාරයෙන් ගන්න හැකියාවක් නැති බවත් අපි දැනටමත් දන්නා කාරණයක් නේ . ඒවා මොනවා වුනත් මෘදුකාංග හොරෙන් පාවිච්චි කීරීම හිරේට වුනත් නියම වෙන්න පුළුවන් කාරණයක් නේ .

පසු ගියද අපේ රටට ලෝකයේ 2 වෙනි තැන හම්බුනා . ඒ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරන පිරිසක් සිටින ලෝකයේ 2 වැනි රට කියල . ලෝකයේ හැමදෙයකින්ම 1 වෙනි තැන හම්බවෙන අපේ රටට 2 වෙනි තැන හම්බුනා එකනම් ලෝක ප්රැශ්නයක් .

දැන් ගොඩක් කට්ටිය හිතනවා ඇති මොකද්ද මේ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරනවා කියන්නේ කියල. පිටකොටුවේ වගේ පොඩි සෙවිල්ලක් දැම්මොත් එහෙම windows , adobe සමාගම් වල මෘදුකාංග විතරක් නෙමේ, ලෝකයේ තියෙන ඕනෑම මෘදුකාංගයක් රුපියල් 100 යක් හෝ උපරිම වුනොත් 200 වගේ ගානකට හොයා ගන්න පුළුවන්. ඒ තරම් අපේ රට පරිගණක වලින් ඉදිරියට ගිහිල්ලා. අපි සාමානනයෙන් මෘදුකාංග ගන්නේ කොහෙහරි තියෙන Internet Café එකකකින් . ඒ හින්ද අපි වැඩිය ඔය Genuine Software පස්සේ පන්නන්නේ නැහැනේ .

එත් ලෝකයේ හදන ඕනෑම මෘදුකාංගයකට අදාල සමාගමක් හෝ පුද්ගලයෙක් ඉන්නවා . අපි මෘදුකාංග නියමාකාරයෙන් ගන්නවා කියන්නේ ඒ අදාල සමාගමෙන් හෝ පුද්ගලයාගෙන් මුදල් දීලා ඒ අදාල මෘදුකාංගය ගැනීම . පුතෝ එතකොට නම් ඔය මෘදුකාංග රුපියල් 100 ට 200 ට ගන්න හම්බුවෙන්නේ නැහැ . මොකද ඒ අය ඔය මෘදුකාංගයක් හදන්න රුපියල් කොටි ගණන් වියදම් කරනවා. ඒ විතරක් නෙමේ ඒ අයගේ මහන්සිය, වියදම් කරපු මුදල් ඒ සියල්ලම තුට්ටු දෙකකටවත් ගණන්ගන්නේ නැතුව පිටකොටුවෙන් රුපියල් 100 ලෝකයේ තියෙන මෘදුකාංග අරන් එනව . මෙහෙම ගත්තහම මේ මෘදුකාංගය හදන්න මහන්සි වෙච්ච සමාගමට තමා පාඩු . ඒ හින්ද මේ සමාගම් එකතුවෙලා පොඩි ආයතනයක් පටන් ගත්තා . ඒ තමා Business Software Alliance ( BSA ) කියන්නේ . මේ ආයතනය හැමවෙලාවෙම , හැමතිස්සෙම වෙහෙසෙන්නේ මේ හොරෙන් මෘදුකාංග පාවිච්චි කරන මහජනයා හරි මගට ගෙන එන්න .මොකාද දන්නේ නැහැ මේ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන්නේ . මේ කට්ටියට කියන්නේ Crackers ලා කියල . මේ කට්ටියට software ගැන හා Programming ගැන හොඳ දැනුමක් තියෙන කට්ටිය . මේ කට්ටිය කරන්නේ මෘදුකාංග Decompile කරලා එකේ තියෙන Serial Number තියෙන කොටස ඉවත් කරලා , මෘදුකාංගය ඉදිරියට යවන්න පුළුවන් විදියට හදන එක . තව වැඩක් තියෙනවා , මෘදුකාංගයට දෙන්න ඕන Serial Number එක වෙනුවට එකට ගැලපෙන number එකක් හදල මෘදුකාංගය ඉදිරියට යැවීම . මේවා කරන්න තහනම් ඒ විතරක් නෙමේ මේ මෘදුකාංග Crack කරලා මේ කට්ටිය නිකම් අපිට මේ මෘදුකාංග දෙන්නේ නැහැ . මොකද ඒ අය මේ සදහා මහන්සිවෙන්නේ යටි අදහස් ඇතුවයි.

මේ මෘදුකාංග වලට Virus, Botnet Applications, වගේ ඔත්තු බලන , අපේ වැදගත් දත්ත හොරකම් කරන මෘදුකාංග ඇතුලත් කරලා තමා දෙන්නේ . දන්නේ නැතුවම අපේ පරිගණකය වෙනත් කෙනෙකුගේ ග්‍රහණයට ලක් වෙනව. මේලෙස ඉවුන් කරන්නේ ඔබේ පරිගනකය යොදාගෙන ස්පෑම් යැවීමට, hacking වැඩ කිරීමට වගේම පරිගනක bot-net සාදා වැඩි මිලකට විකිනීමට. යම්කිසි අඩවිය හැක් කිරීම ඔබේ පරිගනකය් මෙල්ස යොදාගත්තොත් ඔබත් අමාරුවේ. ගොඩක් key generator හා crack දෙන අය කියනවා ඒවා බොරුවට වයිරස් ස්කෑනර් වලින් වයිරස් ලෙස පෙන්න නිසා තම පරිගනකයේ වයිරස් ස්කෑනරය disable කරන්න කියා, අපි විසිම මොදැනී එම වැඩසටහන් වල එන වයිරස් එක දාගන්නවා. මේකත් ඒ අය අපේ පරිගනක වලට වයිරස් ඇතුලත් කරන්න එක උපක්‍රමයක්. ගොඩක්ම මේ මෘදුකාංග වෙනස් කරන්නේ චීනයේ හා ඉන්දියාවේ, එත් ඒ අයනම් පාවිච්චි කරන්නේ , නියම ආකාරයෙන් මීල දී ගත් මෘදුකාංග. මොකද ඒ අය කැමති නැහැ අනුන්ගේ පරිගනකයක ග්‍රහණය වෙන්න.

දැනට හැමෝටම තියෙන ගැටලුචක් මොන වයිරස් ස්කෑනයරය දැම්මත් පරිගනකට වයිරස් එන එක නවත්වන්න බැරි එක. මේකට එක හේතුවත් තමයි, වයිරස් පැතිරෙන්නේ පරිගනකයේ OS (Operation System) එක වන Windows වල පවතින ගැටලු (bugs) නිසා. එම ගැටලුවලට විසදුම් ලෙස තමයි Software update (Windows Update) හා Service Pack එන්නේ.  ඒ කියනේ OS කේ තියෙන මෙම වැරදි නිවැරදි කිරීමට. මෙම වැරදි නිවැරදි උනහම වයිරස් එකක් පැමිණියත් එහ වයිරස් එක පැතිරෙන්න එම OS එක ගැටලුව නැති නිසා පරිගනකයට වෙන හානිය නැතිවෙනවා. වයිරස් ස්කෑනර් කොපමණ තිබුනත් ඒවාගේන් මේම වයිරස් රිංගා යන්න ගොඩක් දක්ෂයි. ඒක නිසා තමයි කොපමණ වයිරස් ස්කෑනර් දැම්මත් වයිරස් පැතියෙන්නේ. මේ update ගන්න නම් අදාල පරිගනකට Genuine software තිබිය යුතුයි.

මේ තියෙන්නේ ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මෘදුකාංග වල නියම මිල ගණන් , අපේ යාලුවෝ කැමති නම් නියම මෘදුකාංග පාවිච්චි කරන්න මේ තියෙන්නේ නියම මිල ගනන්.

Microsoft Office 2010 – Rs. 14,000

Kaspersky Internet Security – Rs. 1790

Windows 7 Starter – Rs.6500

ඔයලට පේනවා ඇති මේවා ගොඩක් ගනන් බව . එත් මේ software එකක් කැමති අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්. එත් එහෙමත් මේ software ගන්න අකමැති නම් තව එක ක්රුමයක් තියෙන්නවා . මොකක් ද දන්නවද ? Open Source Software පාවිච්චි කරන එක . මේ Open Source Software ලෝකයේ Commericial Licenced Software හෙවත් අර ඉස්සෙල්ල කියපු Software වලට වඩා ආරක්ෂාව , වේගය අතින් හොඳ තැනක ඉන්නවා . මොකද මේ මෘදුකාංග ලෝකයේ සිටින හැම කෙනෙකුටම තව දුරටත් සංවර්දනය කරන්න පුලුවන්. මොකද දන්නවද ? මේ මෘදුකාංගයේ Source Code එක මෘදුකාංගය මුල්වරට හදපු සාමාගම මගින් නොමිලේ බාගත ( Download ) කරගන්න ඉඩ දෙන නිසා . කිසිම වෙලාවක මේ source code එක විකිණීම සපුරාම තහනම් .

Commericial Licenced Software වලට ආදේශක ඊටත් වඩා හොදට ඔයාගේ වැඩ හොදට කරගත හැකි Open Source Software හා නොමිලේ දෙන. මේ තියෙන්නේ ඒවාට උදාහරණ !

Audio, Video, Mobile Converters – Format Factory

Microsoft Office – Open Office, Google Docs

Web Surfing – Google Chrome , Mozilla Firefox

Torrent – uTorrent , BitTorrent

Multimedia Players – K-Lite Codec PackVLC media Player

තව පොඩි අවුලක් තියෙන්නවා කියන්න , අපේ කට්ටිය Open Source Software බාන්නේත් Torrent එකකින් , එතකොට මේ softwares වලටත් Virus වගේ දල තියෙන්න පුලුවන් . ඒ හින්ද , Open Source Software බාන්න ඕන නම් ඒ අදාල site එකෙන් නොමිලේම අදාල මෘදුකාංගය බාගන්න පුලුවන්. මේක OpenSource අදහා පමණ නොව ඕනෑම Software එකක් download කරනකොට අදාල සමාගමේ වෙබ් අඩවියන් ගන්න, නැතිනම් ගොඩක් වෙලාවට අනිත් අඩවි වලිම් මේවා ගන්නකොට ඒවාට වයිරස්, ඇඩ් වෙයා ඇතුලත් කරලයි බෙදාහරින්නේ.

ගොඩක් අපි බාවිතාකරන මුදල් ගෙවිය යුතු Software සදහා ආදේෂක නොමිලේ හා Open Source Software හොයාගන්න alternativeto.net අඩවිය බාවිතා කරන්න පුලුවන්.

Ubuntu – www.ubuntu.com

Format Factory – www.formatfactory.org

Kbuntu – www.kubuntu.org 

මම දැන් කියන්නේ Commercial Software පාවිච්චි කරන්න එපා කියල නෙමේ . මේ මෘදුකාංග පාවිච්චි කරනවා නම් නියම ආකාරයෙන් මීලදීගෙන පාවිච්චි කරන්න කියල . මොකද , මේ software, torrent වලින් බාන්න ගියහම සමහර විට ඔයාගේ පරිගණකය Virus ගුහාවක් වෙන්න බැරිත් නැහැ .

 

~ S.M. සනෝජ් තරංග

 

Read more from Articles
44 Comments Post a comment
  1. Jul 15 2011

    anyway i am linux 😀

    Reply
  2. Jul 15 2011

    Good article Linsku. This gives clear idea to everyone why software company take much affort to protect their company by preventing software privacy. To make long story short we can ask them what would they feel if their invention beign steal by someone and sold in Pettah for cheap price and not getting any penny.

    Let’s hop and work togther to be a legal user though it’s not 100% gurantee we can have a start 🙂

    Reply
  3. ලංකාවේ ගොඩක් අය Windows, Office තමයි ඔය විදිහය භාවිතා කරන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ඒවාගේ මිල අපේ රටේ මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට පරිගනකයේ මිලට සමාන මිලක් යනවා මෘදුකාංග වලට.
    අපේ රටේ Microsoft නියෝජිතයන්ට පුලුවන් අපේ රටට ගැලපෙන ආකාරයට මේක ලබා දෙන්න. උදා ලෙස Kaspesky දක්වන්න පුලුවන්. ඉස්සර Virus guard එකකුත් හරිම ගනන්. නමුත් Kasperky රු.1500 වගේ මිලකට හඳුන්වා දුන්නට පස්සේ ගොඩක් අය Original ගන්න පෙලඹෙනවා. මොකද දරාගන්න පුලුවන් මිලක් වීම.

    Reply
    • Jul 18 2011

      හරියට හරි… මේවා දරාගන්න පුලුවන් ගානට දෙනවානම් ගොඩක් මේ ගැටලුව විසදෙනවා.

      Reply
      • Sujith Wanigasekara
        Jul 29 2011

        ඔව් ඒක ඇත්ත.
        Phptoshop වගේ software එකක් අපිට සල්ලි දීල ගන්න හිතන්නවත් බෑ.

        Reply
      • Jan 21 2012

        ඔව් සිරාවට බං. බොහොම අමාරුවෙන් කියක් හරි දීලා PC එකක් ගෙනල්ල ඊට පස්සේ PC ඒකට Genuine Software දාන්න PC එක ගත්තට වඩා වියදමක් යනවා…. කොහොම උනත් ලිපිය නම් ගොඩක් වැදගත්.බොහොම ස්තූතියි අපව දැනුවත් කරාට….

        Reply
  4. ගොඩක් අයට නොපෙනෙන නොබලන පැත්තක් හරි ලස්සනට විස්තර කරලා තියනවා.. ජයවේවා…….!!

    Reply
  5. මල්මල්
    Jul 15 2011

    මොනව උනත් දැනුවත් කිරීම වටිනවා සහෝ…..

    Reply
  6. sujith
    Jul 15 2011

    ගොඩක් හොද ලිපියක්.කොහොමත් ලංකාවෙ පරිගණක පාවිච්චි කරණ හැමොම වගෙ මේ වැරැද්ද කරනවා.Software විතරක් නෙවේ Film විකුණන්නෙත් එහෙමයි.

    Reply
  7. Jul 15 2011

    ඉතා වටිනා ලිපියක්,

    Reply
  8. nadun dissnayake
    Jul 15 2011

    good Work….

    Reply
  9. කොඩී
    Jul 15 2011

    http://www.alternativeto.net

    මෙන්න දැනට පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් වලට ගැලපෙන open source බඩු හොයන්න කියාපු තැන

    Reply
  10. Jul 15 2011

    low price edition එකක් අපි වගේ දකුණු ආසියාතික රටවලට හඳුන්වලා දුන්නා නම් හරි, පොත් වලට කරනවා වගේ….

    Reply
    • Jul 15 2011

      හරියට හරි, නමුත් මේක එහම වෙන්නේ නැති එක තමයි දුක.

      Reply
  11. Jul 15 2011

    මගෙත් Kespesky විතරයි licence සොෆ්ට් එකකට තියෙන්නෙ..අනෙක් ඔක්කොම …. final semester එක කරල open source වලට මාරුවෙනව…
    thankz ඔයාගෙ post එකට…..

    Reply
  12. samarasekara
    Jul 15 2011

    Good written. It is very much help to gain the knowledge. Please be good to let me what is the rupees value for windows 7.

    Thank you very much.

    Reply
  13. වැදගත් ලිපියක්. මම ගොඩක් open source පාවිච්චි කරන්න උත්සාහ කරත්, මට දැන් commercial software වලින් ගැලවෙන්න බැරිකමක් තියෙනව. ඒක අර පුරුද්ද අතඅරින්න බැරි කාරණේ වගේ. 🙁

    ඉක්මනට වෙනස්වෙන්න ඕනෙ!

    Reply
    • Jul 18 2011

      ටිකක් අමාරු තමයි, නමුත් පොඩක් මාරූඋනොත් අමාරුවෙන් හරි පුරුදු වෙන්න පුලුවන්. ටික දවස්ක් ගියහම, වින්ඩෝ මතකම නැතිවෙයි 🙂

      Reply
  14. Jul 16 2011

    කතාව 100%ක් ඇත්ත උනත් සල්ලි තමයි කොලුවො පුරස්නෙකට තියෙන්නෙ. අනිත් එක මගේ මැෂිමෙ දැනට දාලා තියෙන සොෆ්ට්වෙයා ටික සල්ලි වලට ගන්න කෝටි ගානක් වියදම් කරනවට වඩා හැක් වෙන එක හොඳයි කියලත් හිතෙනවා.

    හැබැයි මට නම් මෙච්චර කාලේකට ඔය ක්‍රැක් නිසා කරදරයක් නම් වෙලා නෑ. වයිරස් වලින් තොර ක්‍රැක් තෝර බේරගෙන වැඩේ කරගන්න තමන්ට පුලුවන් නම් එච්චරයි. බොහොම හොඳ ලිපියක්…

    දිගටම ලියන්න…

    Reply
  15. sanoj
    Jul 16 2011

    මම එකට හොඳ විකල්පයක් දෙන්නම් , ඔයාගේ Operating System එක විතරක් Commerial OS එකක් පාවිච්චි කරන්න . Ubuntu, Linux වගේ බැරිම නම්. Software හැමෙකම , Open Source පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නෙත් එහෙම , OS එක ලැප් එකට හම්බුනු Genuine එක.

    Reply
  16. අසංක
    Jul 16 2011

    එළ කිරි

    Reply
  17. Samamantha
    Jul 17 2011

    මචන් මමත කාලයක්ම වින්ඩොව්ස් පාවිච්චි කරලම එපාවෙලා උබුන්ටු 11.04 වලට මාරුවුණා. පට්ට ඔස එක, මක් වලට වැඩ ලස්සනෛ
    උඹලත් චෙච්ක් කරලා බලපන් . වින්ඩොව්ස් වාදක නා මොකද එකේ තියන හැම අට මගලික්ම මේකෙත් කරන්න පුළුවන්

    Reply
  18. VirusOnLinux
    Jul 18 2011

    Are there viruses that run Linux? I have never heard that sort of viruses.
    So does viruses can penetrate only Windows?

    Reply
    • Jul 18 2011

      ලින්කස් වලටත් වයිරස් තියනවා, නමුත් බහුලව නෑ. මේවා පැතිරීම ගොඩම අඩුයි, පැතිරෙන්නේ නැති තරම්. මොකද තාමත් ලිනක්ස් බාවිතය ලෝකයේ පරිගනක බාවිතයෙන් 1% චත් නෑ.

      http://en.wikipedia.org/wiki/Linux_malware

      Reply
      • VirusOnLinux
        Jul 19 2011

        Are there Virus Gurds that Run on Linux or Ubuntu

        Reply
  19. sanoj
    Jul 18 2011

    ekathama, lankawama , Ubuntu use kaloth ehema oya extention awulath wisadennawa.

    Reply
  20. ShiraN
    Jul 18 2011

    බොහොම ස්තුතියි ලිපියට

    මම Windows පාවිච්චි කරන අයට කියන්නේ පුලුවන්නම් Ubuntu වලට මාරැවෙන්න කියලා ඉස්සර වගේ නෙමෙයි දැන් Ubuntu 11.04 ගොඩක් හොදයි මුලදි ටිකක් අවුල් වගේ ‍දැනෙයි හැබැයි ඉක්මනට හරියයි Internet තියනවානම් කිසිම ගැටලුවක් නෑ
    මටත් අවුලක් තියනවා commercial software පාවිචිචි කරලා පුරැදු වෙලා open source වලට මාරැ වෙන්න අමාරැයි මම virus guard එක විදිහට පාවිච්චි කරන්නෙ kaspersky ඇත්තටම ‍ඒක මගේ විශ්වාසය දිනාගත්ත එකක්
    crack කරපු software පාවිච්චි කරන අයට කියන්නෙ ඒවා install කරන කොයි වෙලාවකවත් virus guard එක disable කරන්න ‍එපා ( virus guard එක kaspersky නම්)
    මම දන්නවා crack කරපු software පාවිච්චි නොකර ඉන්න අමාරැයි adobe Photoshop එහෙම සල්ලි දීලා ගන්න ගියොත් Rs. 86,000 ක් විතර යනවා

    Reply
  21. සුරංග ප්‍රදීප් ප්‍රියදර්ශන
    Jul 20 2011

    හොදම හොද ලිපියක්. සුබ පතනවා තවත් ඔඉට වැඩ හොද ලිපි පලකරන්න කියල. සුබ අනාගතයක්.

    Reply
  22. dilan
    Jul 22 2011

    MP3 තියාගන්නත් දැන් තහනම්ද? මගේ ලැප්ටොප් එකේ සින්දු ගොඩක් තියනවා

    Reply
  23. Jul 27 2011

    රුපියල් දෙසීයකට තුන්සීයකට වින්ඩෝස් දෙනවනම් අපිත් කැමතියි ඔරිජිනල් දා ගන්න…. ඒත් ඉතින් බිල් ගේට්ස් මහත්තයා එකට කැමති නෑ නොවැ…

    Reply
  24. thusitha sampath
    Jul 29 2011

    හොද ලිපියක් සහෝදරයා..

    Reply
  25. sanoj
    Jul 31 2011

    mama bill aiyata kiyala balannanko…..bariwunoth ehema api minihawa ossamu

    Reply
  26. Anuradha
    Jul 31 2011

    mata num therena widihata methana aula thiyenne salli wala. kauruhari software developing filed eke inna kenek gaththoth ape lankawe 100% kollan kellan cracked software use karala thama igena gena thiyenne. bari wela hari lankawe pirated software thanaum karanum (mama kiyanne 100% ma) ape lankawe lamainta ingena ganna thiena chance eka sahenna adu wenawa. linux narakai kiyanne na. eth commercial developments walata linux use wenawa adu windows wage closed softwares ekka compare karala baluwama . ithin ehema baluwama cracked softwares walin yahapathak welath tiyenawa ape kollan/kellan ta. ewage ma me lipiyen kiyanawa wage ma virus nisa hani welath thiyenawa.
    ekko SL wage ratawal walata ara kaspersky denawa wage aduganata software denna one ehema nathnum paawathina rajaya minissunge geewatha meeta wada naga hituawanna one.

    Microsoft eken http://www.dreamspark.com kyala site ekak dala thiyenawa. eken puluwan software developing yana ayata licenced software download karaganna. eth ewa download kara ganna puluwan registered university student lata witharai. ethana podi aualak thiyenawa. kohoma unath me lipiyen virus gana kiyala thiyena de hari.

    Reply
    • sanoj
      Jul 31 2011

      mama oya katahwata sampurnayen ma ekagai…….mewata software hadana ayathana walath waradda thiyennwa……namuth rajayata yuthukamak thiyennawa me wage honda wadak wath ape yahaluwanta karala denna.

      namuth software hadana kattiyath owa hadanne godak mahansiwelane. api nikan mokatada waradi wada karanne ?

      igenna ganna pirate software use karanawata mage akamaththak naha….namuth igennagena thamage palamu padiyen software tika milata ganna ekai yuthukama……anika ape kattiya pirate copy wikunanawa……….ekath naraka wadak

      Reply
  27. Jul 31 2011

    ගොඩක් දෙනා කරන ගොඩක්දෙනා නොදන්න මේ කරුණු ගැන පැහැදිළිව කිව්වාට ගොඩක් ස්තූතියි. ඒ වාගේම ආදේශක පාවිච්චි කරනන උවමනා විදිහත් ඒවා ලබාගත හැකි තැන් ගැන කියල දුන්නට ගොඩක් ස්තූතියි

    Reply
  28. Sanoj
    Aug 3 2011

    ඔන්න මම හා හා පුර කියල අලුත් වැඩකට අත ගැහුවා. අපේ ලංකාවේ ගොඩක් කට්ටිය Install කරගෙන තියෙන්නේ Windows 7 Ultimate එකනේ. ඒ කියන්නේ අපේ රටේ ඉන්නේ ලොකු සල්ලිකාරයෝ. මට නම් ඉතින් එහෙම සල්ලි නැහැ. මම පරණ පුරුදු විදියටම මගේ Laptop එකට ආපු Windows Vista Home Premium 32 Bit එක Install කලා . මම ඉතින් Windows 7 Ultimate එක වෙනම රුපියල් 30000 ක් දීල ගත්තත් වැඩක් නැහැ. අනික මම මගේ Machine එකේ තිබුන සියලුම Crack/Hack කරපු Software සියල්ලම අයින් කලා. දැන් OS එක විතරයි Genuine එකකට තියෙන්නේ Commercial Software වලින්. අනික් හැම එකම Opensource එක්කෝ Freeware. මම Windows Update එහෙම හරි ගානටම update කරලා තියෙන්නේ. Avast පාවිච්චි කරනවා Anti-Virus Gurad එක විදියට. Libre Office Use කරනවා Office Programme එක විදියට. මට පෙන විදියටම් මට මගේ වැඩ ටික කරගන්න මේක ඕනෑවටත් වැඩි…….Browsers සේරම නොමිලේ දෙන හින්ද කිසිම ගැටළුවක් නැහැ. හදිස්සියෙවත් Powerpoint, Word, Excel වගේ ඕනම වුනොත් Windows Live එකෙන් හදාගන්නවා. Ubuntu පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැ මට කියලම Genuine OS එකක් තියෙන හින්ද. මේ මහගු කාර්යය දිගේ යාමට පර පෙන්නු TechKatha Set එකට ගොඩක් ඉස්ස්තුති වන්ත වෙන්න ඕන. මට නම් පෙන Windows Vista එකේ කියල ලොකු ගැටළුවක් නැහැ. අනික Machine එකේ Slow එකකුත් නැහැ . අපුරුවට වැඩ.

    Reply
  29. DILANKA
    Sep 2 2011

    WINDOWS තරම් හොද ඔස් එකක් තාම නෑ. vista චාටර් වුනාට win,95 win 98, win xp , win 7 අතිසයින්ම අනර්ග නිර්මාන..World Number 1 Microsoft Windows…. Crack කරපුව use කරට මටනම් තාම ප්‍රස්නයක් වෙලා නෑ.අනික Internet Explorer free…..

    Reply
  30. DILANKA
    Sep 2 2011

    WINDOWS තරම් හොද ඔස් එකක් තාම නෑ. vista චාටර් වුනාට win,95 win 98, win xp , win 7 අතිසයින්ම අනර්ග නිර්මාන..World Number 1 Microsoft Windows…. Crack කරපුව use කරට මටනම් තාම ප්‍රස්නයක් වෙලා නෑ.අනික Internet Explorer free…..

    Reply
  31. shehan
    Nov 17 2011

    godak wedagath lipiyak thanx wewa………………………

    Reply
  32. Daminda Wijetunga
    Jan 21 2012

    ලිපිය නම් පට්ට බන්..ඒත් බන් මගේ ගාව තියෙන සොෆ්ට්වරේ ටික සල්ලි දීල ගන්න ගියානම් මන් අපේ රට නය වෙනවට වඩා නයකරයෙක් වෙලා..ගොඩක්ම අපේ බිල්ල මාමගේයි ඇඩෝබේයි තම ඉතින් …කතාව නම් 100% ඇත්ත …දිගටම් ලියමු…ජය වේවා…

    Reply
  33. Asanka
    Jan 22 2012

    hoda lipiyak mama crack karapu software dagena wada karanna gihin OS ekath install karanna una screen eka rathu pata wela hard disk eka lock una.eka arina nam key ekak ganna phone no. ekak dela thiyenawa salli dela ganna.eka une mama software ekak crack karanna gihilla.mama ayeth OS eka install kala. habay mage OS eka genuine ekak.
    godak hody opensource walata yana eka. mama pavichi karanne linux mint eka.
    sanoj sahodarayata jayawewa!!!!!!!!!!!

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->