Skip to content

June 6, 2011

31

Tablet යුද්ධය …

Tablet කියපුගමන් ගොඩක් කට්ටියට මතක්වෙන්නේ අර අපි Pharmacy වලින් ගන්න පෙති නේ. ඒ වුනාට Technology එක එක්ක හැප්පෙන ගොඩක් දෙනා දන්නවා මොනවද මේ Tablet කියල මම කියන්න යන්නේ කියල.ඇත්තටම Tablet කිව්වට අපි ඇත්තටම කියන්න ඕනෙ මේවට Tablet Computers හෝ Tablet Drives කියලයි.

සරලවම කිව්වොත් Mobile phone එකකක් ටිකක් ප්‍රමාණයෙන් ලොකු display එකක් එක්ක ආවනං කොයි විදිහට තියේවිද අන්න ඒවිදිහේ Device එකකට තමයි අපි Tablet එකක් කියන්නේ. මම දන්නවා මේ ලිපිය කියවන 90% දෙනා Tablet එකක අත්දැකීම ලබාගෙන නැති බව. ඒ උනත් Tablet Technology එක ලංකාවේ අපිට අඩු වියදමකින් ලබාගත හැකි කාලය වැඩි ඈතක නම් නෙමෙයි තියෙන්නේ.ඒ කියන්නේ අපේ අත් වල Tablet Devices ගැවසෙන කාලය වැඩි ඈතක නෙමෙයි කියන එකයි. මොකද ඉස්සර සමාගම් 2 -3 ක් පමණක් මේ වැඩේට ඇත ගහල හිටියට මේ වෙනකොට විශාල සමාගම් ප්‍රමාණයක් Tablet නිෂ්පාදනය කරන කටයුත්තට බැහැලයි ඉන්නේ. ඒනිසා Tablet Market එකේ තරඟකාරීත්වය වැඩියි සහ අලුත් අඩුවියදම් Tablet Drive එන ප්‍රවණතාවය වැඩියි.

ඇත්තටම මොකටද Mobile Phone එකයි PC එකයි අතරට Tablet කියල Device එකක් ආවේ??? Tablet කියන්නේ ඇත්තටම මේ අලුතින් කඩාපාත්වුනු අලුත්ම Technology එකක් නෙමෙයි. මීට අවුරුදු ගණනාවකට කලින් අත්හදා බැලුණු භාවිතයට පැමිණි උපාංගයක්. ඒ උනාට බොහෝවිට Tablets ඉස්සර භාවිතාවුනේ Military, Medical, වගේ, PC එකක් හැමවෙලේම උස්සගෙන දුවන්න බැරි එහෙත් නිතර පරිගණකයක අවශ්‍යතාවය තිබෙන Mobile Phone එකකට වඩා Processing හැකියාවක් සහ ටිකක් විශාල display එකක් සහිත Device එකක් අවශ්‍යවුනු Industry Applications වලදී පමණයි. එහෙත් Apple Inc. සමාගම 2010 දී iPad උපාංගය ඉදිරිපත් කරාට පස්සේ Tablet Drives භාවිතය සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රසිද්ධ උනා. සාමාන්‍යයෙන් එදිනෙදා ගමන බිමන් යද්දී Ebook එකක් කියවන්න, සංගීතයට සවන් දෙන්න, පොඩි Game එකක් සෙල්ලන් කරන්න, WiFi ඔස්සේ Net Surf කරන්න, Pictures, Video Facebook හරහා Share කරගන්න, වගේම කාර්යාලවලදී හදිස්සියේ meeting එකක note එකක් ගන්නවා වගේ වැඩ සඳහා වගේ ඒවාට භාවිතය පටන් ගත්තා මේවගේ වැඩ වලදී Tablet උපාංගය භාවිතය පහසුවෙන්නේ ඒවා බරින් අඩු , ප්‍රමාණයෙන් කුඩා, පහසුවෙන් තැන්තැන්වල ගෙනයාහැකි වීම යන කාරණා නිසයි. අද Samsung, Toshiba, LG, Motorola, Apple, Acer, Asus, Blackberry, Dell, HP, HTC වගේ පරිගණක උපාංග, ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගම් ගොඩක් Tablets නිෂ්පාදනය කරනවා. මේ ලිපියෙන් Tablet වල තිබෙන විවිධ features ගැන කතාබහ කරන්නයි සුදානම් වෙන්නේ…

Processors

වඩාත් කාර්යක්ෂම Processor එකක් Tablet Drive එකෙහි මධ්‍ය සැකසුම් ඒකකය තුල යොදා ගැනීම ඉතා විශේෂයෙන් Tablet Drive නිෂ්පාදකයන් සැලකිලිමත්වෙන කාරණයක්. Nvidia, ARM, Intel, Qualcomm වැනි සමාගම් මෙවන් Processors, Tablet සඳහා නිෂ්පාදනය කරනවා. Motorola සමාගම මෙම වසරේ හදුන්වාදුන් Motorola Xoom Tablet එකෙහි යොදාගන්නේ Nvidia Tegra 2 (1GHz) කාර්යක්ෂම Processor එකයි. Apple iPad සඳහා Processor නිපදවන්නේ Intel සමාගමයි. මෙම වසරේ නිකුත්කල iPad2 හි ඇත්තේ Intel Samsung A5  1GHz Processor එකකි.

Operating System

බොහෝවිට Tablet මාදිලියට වඩා එම Tablet එක ධාවනයවන Operating System එක පිලිබඳ වැඩි වශයෙන් බොහෝදෙනා සැලකිල්ලක් දක්වනවා. දැනට පවතින බහුතරයක් Tablet වල පවතින්නේ Apple iOS . මෙය Apple iPad හි පමණක් ක්‍රියාත්මක කල හැකි OS එකකි. එහෙත් දැන් Google Android සහිත Tablet සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණයවී තිබෙනවා. Google Android හි 3.0 සංස්කරණය වන Honeycomb සහිත පළමු Tablet එක Motorola Xoom ය. Android 3.1 සංස්කරණය සහිත Tablet විශාල ප්‍රමාණයක් විවිධ සමාගම් වලින් මෙම වසරේ නිකුත් වීමට නියමිතව තිබෙනවා. Google Android සහිත Tablet නිපදවන සමාගම් අතර Samsung, LG, Asus, Acer මුල් තැන් ගන්නා අතර Samsung GalaxyTab, LG G-Slate, Asus Eee Pad, Acer Iconia වල Android මෙහෙයුම් පද්ධතිය දැකිය හැකියි. මීට අමතරව HP සමාගම ඔවුන්ගේ Tablet එකක්වන  TouchPad සඳහා WebOS ද HP Slate හි Windows 7 ද යොදා ගන්නා අතර,  Blackberry සමාගමේ Playbook තුල Blackberry Tablet OS මෙහෙයුම් පද්ධතිය ධාවනයට යොදාගෙන තියෙනවා.

Display

මේවනවිට ඉදිරිපත්කර ඇති බොහෝමයක් Tablet උපාංග 1024*800, 1024*600, 1024*768 යන resolution මාදිලි වලින් දැකිය හැකියි. බොහෝමයක් Tablet, Multi touch screen සහිත ඒවාය. බොහෝවිට Display එක Capacitive touch ආකාරයෙන් නිපදවා ඇත.Capacitive touch display, Resistive touch display වලට වඩා ඇඟිලිතුඩු එහාමෙහා යාම් වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිය. Display විශාලත්වය අතින් ගත්තාම බොහෝමයක් Tablet උපාංග 10’ ප්‍රමාණයට ආසන්න ප්‍රමාණ වලින් ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් Samsung Galaxy Tab 7’, 8.9’, 10.1’  යන විශාලත්ව 3න්ම සහ Dell Streak 5’, 7’ විශාලත්ව 2න් දකින්න පුළුවන්.

 

Battery Life

බැටරි විසර්ජන කාලය බොහෝවිට තීරණය වන්නේ Tablet එක භාවිතා කරන්නාවූ ආකාරය අනුවයි. සිංදු අහන්න විතරක්නන් භාවිත කරන්නේ වැඩි කාලයක් බැටරිය ක්‍රියාත්මකවන අතර 3G සහ WiFi වැනි ඉහල සැකසුම් බලයක් අවශ්‍ය වැඩ කරද්දී බැටරිය, එක Charge කිරීමකින් භාවිතා කළහැකි කාලය අඩුවෙනවා. දැනට වැඩිම බැටරි විසර්ජන කාලය සහිත Apple iPad Tablet එකෙහි සහ Motola Xoom Tablet එක, WiFi භාවිතය පැය 10ක් දක්වා කළහැකි ලෙස සකසා තිබෙනවා.

Storage

බොහෝවිට සෑම Tablet උපාංගයක් සමඟම Internal memory storage එකක් දකින්නට ලැබෙනවා. මෙම Memory එක 8GB, 16GB, 32GB, සහ 64GB යන ආකාර කීපයකට දකින්නට ලැබෙනවා. බොහෝවිට මෙම Memory එක cache වර්ගයේ memory එකකි. ඊට අමතරව External memory මගින් Memory ප්‍රමාණය වැඩිකර ගැනීමට Micro SD slot එකක් දැකිය හැකිවෙනවා. එහෙත් තවමත් Apple iPad හි External memory slot දකින්නට ලැබෙන්නේ නැහැ.

 

Camera

බොහෝ Tablet උපාංගවල ඉදිරිමුහුණත්(Front facing) සහ පසුමුහුණත් (Rare facing) camera දකින්නට ලැබෙනවා.ඉදිරිමුහුනත් කැමරාව බොහෝවිට යොදාගන්නේ Video calling පහසුකම් ලබාගැනීමට වන අතර පසුමුහුණත් කැමරාව High resolution (~5MP)Photo ලබාගැනීමට සහ Video Recording සඳහා යොදාගනී.Galaxy Tab 10.1 හා Blackberry Playbook හි 1080p HD video recording පහසුකම දකින්න පුළුවන්.

Internet Connectivity

Tablet උපාංගයක අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට Wifi, 3G, LTE (4G) ඔස්සේ පුළුවන්. බොහෝවිට Wifi පහසුකම පමණක් සහිත තරමක් මිලෙන් අඩු Tablet එකක් සහ Wifi සහ 3G පහසුකම් දෙකම සහිත Tablet එකකුත් වෙනවෙනම Apple වැනි සමාගම් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම නත්තල් සමයේදී Apple සමාගම LTE පහසුකමද සහිත Tablet උපාංගයක් නිකුත්කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ආරංචියි.

 

 

Other Features

ඉහත සඳහන් කල විශේෂාංග වලට අමතරව තවත් අංග රාශියක් Tablet උපාංග වල දකින්න ලැබෙනවා. Android මෙහෙයුම් පද්ධතිය සහිත Tablet වල එම පහසුකම Google Maps සමඟ ලබාදෙමින් ස්ථාන සොයාගැනීම පහසුකරලයි තියෙන්නේ. මීට අමතරව Games අත්දැකීම වඩාත් හොඳින් ලබාගැනීමට Accelerometer, Gyroscope මෙම Tablet උපාංගවල දකින්නට ලැබෙනවා. Tablet උපාංගයක තිබෙන video එකක් TV හෝ විශාල තිරයක් සහිත Monitor එකකින් බලාගැනීමට Video /Audio ලබාදීමට HDMI port එකක් බොහෝ Tablet උපාංගවල දකින්න ලැබෙනවා. Cable රහිතව Wireless Video / Audio transfer කිරීමට Apple iPad2 හි Airplay නම් පහසුකමක් දකින්න පුළුවන්.

2011 වසරේදී Tablet තාක්ෂණය විශාල වශයෙන් වෙනස්වෙන වසරක්.  සාමාන්‍ය PC එකකින් කරගත හැකි වැඩ කළහැකි මට්ටමටම Tablet උපාංග දියුණු කිරීමට බොහෝ සමාගම් උත්සහ දරනමිනුයි ඉන්නේ.මීට සතියකට ඉහතදී Microsoft සමාගම Windows 8 හි විශේෂාංග හදුන්වාදුන් අවස්ථාවේදී එම බොහෝ විශේෂාංග Tablet උපාංග වලට සරිලන ලෙස සකස්කර ඇති ආකාරය දකින්න ලැබුණා. මීට අමතරව Asus සමාගම Mobile Phone එකක් සහ Tablet එකක් යන දෙවිදිහටම භාවිතා කළහැකි ආකාරයෙන් නිපදවා ඇති Padfone නිෂ්පාදනය එළිදක්වන්නට සුදනමිනුයි ඉන්නේ. Processor නිපදවන Intel, Nvidia, AMD වැනි සමාගම් අඩු බැටරි බලයකින් ක්‍රියාකළ හැකි එහෙත් ඉහල Processing Power සහිත Processor නිපදවීමට පර්යේෂණ කටයුතු කරමින් ඉන්නේ තවත් මේ තාක්ෂණය මිනිසුන් අතරට කාර්යක්ෂමව ගෙනියන්නයි.

කෙසේහෝ ලංකාවේ Tablet උපාංග දැනට සුලභ නොවුණාට මේ වසර අග වනවිට ලංකාවේ අපෙත් බොහෝදෙනා කතාබහ වන මාතෘකාවක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ වෙලාවකට Tablet Drive එකක් කියන්නේ  මොකද්ද කියලවත් දන්නේ නෑ වගේ කට අරගෙන බලාගෙන ඉන්නවට වඩා Technology එක අතපත ගාන අපි, මොකක් හරි ඒ ගැන දැනගෙන ඉන්න එක හොඳයිනේ නේද????

-Shabry Samoon-

 

Read more from Articles
31 Comments Post a comment
  1. Jun 6 2011

    ඉතා වැදගත් ලිපියක්…

    Reply
    • Shabry
      Jun 6 2011

      ස්තුතියි!

      Reply
  2. Sachith
    Jun 6 2011

    ටැබ්ලට් අඩු ගාණට ගන්න පුළුවන් කියන එක නම් නියමයි ! කාලෙකින් අහපු හොදම කතාවක් 😀 එහෙනම් අපිටත් ටැබ්ලට් එකකින් ටෙක්කතා මැගසින් එක එහෙම බලන්න පුලුවන් වෙයි නේ 😀

    Reply
  3. Roshan
    Jun 6 2011

    හොද පැහැදිලි කිරීමක්.
    මටත් Tablet Computer ගැන හරියටම විස්තර දැනගෙන හිටියෙ නෑ. මේකෙන් ඒ ගොඩක් විස්තර දැනගත්ත. බොහොම ස්තූතියි.
    දැනට Tablet වල මිල ලංකාවෙ කීයක් විතර වෙනවද?

    Reply
  4. Jun 6 2011

    නියම ලිපියක්! මේ ගැන මේ තරම් විස්තර සහිත ලිපියක් සිංහලෙන් කියෙව්වමයි. සාමාන්‍යයෙන් යුද්දෙකදි වාසි වෙන්නෙ ලොක්කන්ට වුණාට මේ යුද්දෙන් අන්තිමේ පාරිභෝගිකයට වාසි‍යක් වෙන්න ඉඩ තියෙනවා 🙂

    Reply
  5. වැදගත් ලිපියක්. අකුරු සයිස් තව ටිකක් ලොකු උනා නම් හොඳයි කියලා හිතෙනවා. (1280*800 , 15.6″)

    Reply
  6. charith yashoda
    Jun 6 2011

    Bohoma honda lipiyak
    mokada hugak lankawe aya tablet gana danne naha

    Reply
  7. Ushan
    Jun 6 2011

    smart phone වලිනුත් ඔය ටිකම කරන්න පුලුවන් නේද? මොකක්ද ඔය දෙකේ වෙනස?

    Reply
    • Shabry
      Jun 7 2011

      වෙනසක් තියෙනවා උෂාන්. ලොකුම වෙනස Display එක විශාල වීම. ඒ විශාල Display එකට බලය දෙන්න ටිකක් වැඩි ධාරිතාවක්‌ තියෙන බැටරි එකක් බාවිතා කරනවා.
      අනික සාමාන්‍යයෙන් Tablet එකෙන් PC එකකින් කරන්න පුළුවන් ගොඩක් වැඩ කරන්න පුළුවන් නිසා ටිකක් වැඩි Processing Power එකක් තියෙන (සරලවම කිව්වොත් Ghz ප්‍රමාණය වැඩි) Processor එකකුත් ටිකක් වැඩිපුර RAM එකකුත්, HD video වැනි දේ Play කරන්න පුළුවන් විදිහට ටිකක් හොඳ Graphic Processor එකකකුත් යොදා ගන්නවා.
      ඒ උණාට දැන් වෙළඳපොළට එන ගොඩක් Smart Phone වලත් කලින් සඳහන් කරපු දේවල් වලට සමාන ගති ලක්ෂණ දකින්න ලැබෙනවා…

      Reply
  8. රසික
    Jun 6 2011

    හොඳ ලිපියක්.

    Reply
  9. sameera
    Jun 7 2011

    හොඳ ලිපියක්
    එළකිරි ………

    Reply
  10. kamal
    Jun 7 2011

    good

    Reply
  11. Jun 8 2011

    මොකක් ගන්නද​? කියලා හිතා ගන්න බෑ…….

    Reply
  12. Nishshanka Prabhath
    Jun 10 2011

    What is the cheaper Tablet PC and Android Mobile in Sri Lanka.

    Reply
  13. Nishshanka Prabhath
    Jun 10 2011

    What are the cheaper Tablet PC and Android Mobile phone that could buy in Sri Lanka.

    Reply
    • Shabry
      Jun 18 2011

      As far as I remember the cheapest tablet you can buy in Sri Lanka which is running over Android is Samsung Galaxy Tab 7
      The Android version running on that is 2.3.3…

      Reply
  14. Sam
    Jun 11 2011

    “Apple iPad සඳහා Processor නිපදවන්නේ Intel සමාගමයි. මෙම වසරේ නිකුත්කල iPad2 හි ඇත්තේ Intel A5 1GHz Processor එකකි.”

    This is actually wrong..A5 was designed by intrinsity and totally manufactured by SAMSUNG..
    http://en.wikipedia.org/wiki/Apple_A5
    Please correct this..
    Intrinsity is apple owned..only place where intel gets involved in A5 is the GPU..This SoC has PowerVR 543 graphics..intel owns about 5% of Power VR imagination technologies and that is it…
    When it comes to mobile ARM processors SAMSUNG is the king..
    Intel’s days are numbered.even windows 8 will primarily support ARM processors..NVIDIA, SAMSUNG, QUALCOMM and TI will be the next Intel and AMD..

    Reply
    • Shabry
      Jun 18 2011

      Thanks for correcting me … U are correct … A5 is a Samsung manufactured processor….

      Reply
  15. Sam
    Jun 11 2011

    Another thing.. intel oaktrail processors cannot compete with the power of nvidia kal-els, tegra 2s, snapdragons or samsung exynox…

    Reply
  16. sam
    Jun 11 2011

    A5 processor is manufactured by samsung..please correct

    Reply
  17. thilina
    Jun 18 2011

    wadagath lipiyak. sthuthi

    Reply
  18. namila
    Jun 18 2011

    හොද ලිපියක්.කොහොම උනත් tablet pc පැත්තෙන්නම් ගොඩාක් ඉර්දිරියෙන් ipad ඉන්නේ. HTC FLYER කියන එකේත් වැඩ කෑලි ගොඩක් තියෙන හින්දා එකත් නැගල යයි

    Reply
  19. dushan fernando
    Jul 4 2011

    හොඳ ලිපියක්.thanx

    Reply
  20. dulan fernando
    Jul 4 2011

    mokkada lankaway ganna thiyena hoda ma Tablet PC Eka ?.gana vadi vunath prashnayak naha.Habai inivarayen ma 1080p HD Video Record karranna puluwan wenna oney.
    Hoda lipiyak.Thank X.

    Reply
  21. sujith
    Jul 8 2011

    Adu ganata ganna puluwan tablet pc akak gena kauda danne

    Reply
  22. Jul 11 2011

    ඉතා වැදගත් ලිපියක්…….

    Reply
  23. ළහිරු හිමේෂ්
    Jul 13 2011

    හැබැයි මටනම් හිතෙන්නේ ටැබ්ලට් වල O.S මීට වඩා දියනු වෙන්න උවමනායි කියලා. මොකද සමහර වැඩ කරගන්න බොහොම ටැබ්ලට් මදි. සැම්සන්ග් ගැලැක්සි එකට Windows Seven Mobile සංස්කරනයක් ඇතුලත් කරන්න බැරිද?

    Reply
  24. Malindu Panduka
    Jul 21 2011

    Good Job & Thanks..

    Reply
  25. Jul 31 2011

    ගොඩක් වැදගත් ලිපියත් නොදන්නා කරැණු ගොඩක් දැනගන්න සැලැස්සුවාට ගොඩක් ස්තූතියි.

    Reply
  26. Givantha Kasun
    Oct 14 2011

    Nice one!!
    thanx 4 the details…

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->