Skip to content

Posts tagged ‘Android’

20
Apr

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට

ලෝකප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මෙතෙක් කල් නිෂ්පාදනය කලේ පරිගණක සඳහා ප්‍රොසෙසර් පමණයි. නමුත් දැන් ඔවුන් ජංගම දුරකථන සඳහාත් ප්‍රොසෙසර නිපදවීම පටන් අරන්. ඔවුන්​ගේ ප්‍රොසෙසරයක් සහිත පළමු ජංගම දුරකථනය වන Xolo X900 වෙළඳපොලට නිකුත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් වල Lava International සමාගම.


දුරකථනයේ විස්තර :
CPU : Intel Atom Z2460 (1.6GHz)
GPU : PowerVR SGX540 (400MHz)
RAM : 1GB
Display : 4.03-inch display with 1024 x 600 resolution (295 PPI)
Camera : 8MP Rear camera with flash, 10fps burst mode and 1080p video recording. 1.3MP Front camera
Internal Storage : 16GB
Connectivity : HSPA+ (21Mbps), HDMI, NFC built-in
OS : Android 2.3 (Gingerbread)

මෙම දුරකථනය ​අප්‍රෙල් 23 වෙනිදා වෙළඳපොලට නිකුත් වෙන බව තමයි පැවසෙන්නෙ, ඉන්ටෙල් වෙබ් අඩවියට අනුව මෙහි මිල ඉන්දියානු රුපියල් 22,000ක් පමණ වෙනවා.

Source : Intel News Room

5
Apr

Blackberry දැන් Phone හදන එක නවතා app හදයි…

අපි හැමෝම දන්න Blackberry සාදන RIM සමාගම දැන් තමන්නේ Blackberry services Android හා iPhone වලට app එකක් ලෙස ලබාදෙනවා.  මෙමගින් Blackberry enterprise server බාවිතා කරන සමගම් වලට Blackbeery බාවිතා නොකත තමන් කැමති, Android හෝ iPhone එකක් බාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මෙයට හේතුව දැන් ගොඩක් පුද්ගලයන් Blackberry බාවිතා කිරීමට අකමැති විමයි. අකමැති වීමේ හේතුව Blackberry දුරකතන තමත් iPhone, Android දුරකතන එක්ක සසදන විට බොහෝ පිටුපසින් සිටින නිසා. දැනට වසරක් පාසා RIM සමගම පාඩු ලබනවා වගේම බාවිතා කරන්නද අඩුවෙමින් පවතිනවා. මෙට තීරනය ගැනීමට හේතුවක් ලෙස පෙනෙන්නේ iPhone, Android වැනි පාරිබෝගිකයන් බාවිතා කරන දුරකතන එක්ක තමන්ට තරග කිරීමට නොහැකිවීම වගේම නැතිවන Blackberry service බාවිතා කරන්නන් රැකගැනීමට බව පෙනෙනවා.

මීට දින කීපයකට කලින් RIM සමගම පැවසුවා තමන් අනිත් අය කරන දේවල් නොකර, තමන් දන්න business වලට සරිලන ෆෝන් සෑදීමට නැවත තමන්ගේ කාලය යොදවන බවත්.

“We can’t do everything ourselves, but we can do what we’re good at, We believe that BlackBerry cannot succeed if we tried to be everybody’s darling and all things to all people, Therefore, we plan to build on our strength.” RIM CEO Thorsten Heins මෙලෙස පැවසුවා.

RIM සමාගමේ පාඩුව ඩොලර් මිලියන $125  වෙනවා හතරවන කාර්තුවට,  මෙය ගිය අවුරුද්ද එක්ක සසදන විය එය ඩොලර් මිලියන $934 වෙනවා පසුගිය වසරේ.  RIM සමාගම iPhone, Android වලට සමාන දුරකතන සාදන්න උත්සාහ කරද Blackberry System 10 කියන එකද දැනට නිකුත් වීම කල් යමින් පවතිනවා, තවද සමාගම් වල සේවා කරන පුද්ගලියන විසින් Blackberry වෙනුවට iPhone, Android ඉල්ලීම නිසාද තමන්ගේන් business බාවිතා කරන්නන් ද ගිලිහී යන බව තමයි පවසන්නේ.

RIM සමාගම පවසන්නේ Jim Balsillie (co-CEO) ද සමාගමෙන් අවුරුදු 20කට පසුව ඉවත් අතර, David Yach, chief technology officer for software ද  Jim Rowan chief operating officer for global operations ද සමාගමෙන් ඉවත් වෙන බවයි.

source

-->