Skip to content

Posts tagged ‘Apple’

13
Apr

Flashback Malware සඳහා විසඳුමක් ඇපල් එලිදක්වයි.

පෙර සටහනකින් දැන්වූ ඇපල් පරිගණක සඳහා වූ මැල්වෙයා වැඩසටහන, ඉවත් කිරීම සඳහා වූ නවතම යාවත්කාලීන කිරීමක් මේ වන විට ඇපල් විසින් නිකුත් කරල තියෙන්නෙ. මෙම යාවත්කාලීන කිරීම “Java for OS X 2012-003” ලෙසින් ඇපල් Software Update හරහා ලබාගන්න පුළුවන්.
එමෙන්ම Mac OS X Lion සඳහා මෙම යාවත්කාල කිරීම් මගින් ඉබේම ජාවා ඇප්ලට් ධාවනය වීම නවත්වා ඇති අතර, පරණ මැක් ඕ.එස්. නිකුතු සඳහා තමන් විසින්ම එම සැකසුම කරගන්නා ලෙසට ඇපල් දන්වා සිටිනවා.

5
Apr

Blackberry දැන් Phone හදන එක නවතා app හදයි…

අපි හැමෝම දන්න Blackberry සාදන RIM සමාගම දැන් තමන්නේ Blackberry services Android හා iPhone වලට app එකක් ලෙස ලබාදෙනවා.  මෙමගින් Blackberry enterprise server බාවිතා කරන සමගම් වලට Blackbeery බාවිතා නොකත තමන් කැමති, Android හෝ iPhone එකක් බාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මෙයට හේතුව දැන් ගොඩක් පුද්ගලයන් Blackberry බාවිතා කිරීමට අකමැති විමයි. අකමැති වීමේ හේතුව Blackberry දුරකතන තමත් iPhone, Android දුරකතන එක්ක සසදන විට බොහෝ පිටුපසින් සිටින නිසා. දැනට වසරක් පාසා RIM සමගම පාඩු ලබනවා වගේම බාවිතා කරන්නද අඩුවෙමින් පවතිනවා. මෙට තීරනය ගැනීමට හේතුවක් ලෙස පෙනෙන්නේ iPhone, Android වැනි පාරිබෝගිකයන් බාවිතා කරන දුරකතන එක්ක තමන්ට තරග කිරීමට නොහැකිවීම වගේම නැතිවන Blackberry service බාවිතා කරන්නන් රැකගැනීමට බව පෙනෙනවා.

මීට දින කීපයකට කලින් RIM සමගම පැවසුවා තමන් අනිත් අය කරන දේවල් නොකර, තමන් දන්න business වලට සරිලන ෆෝන් සෑදීමට නැවත තමන්ගේ කාලය යොදවන බවත්.

“We can’t do everything ourselves, but we can do what we’re good at, We believe that BlackBerry cannot succeed if we tried to be everybody’s darling and all things to all people, Therefore, we plan to build on our strength.” RIM CEO Thorsten Heins මෙලෙස පැවසුවා.

RIM සමාගමේ පාඩුව ඩොලර් මිලියන $125  වෙනවා හතරවන කාර්තුවට,  මෙය ගිය අවුරුද්ද එක්ක සසදන විය එය ඩොලර් මිලියන $934 වෙනවා පසුගිය වසරේ.  RIM සමාගම iPhone, Android වලට සමාන දුරකතන සාදන්න උත්සාහ කරද Blackberry System 10 කියන එකද දැනට නිකුත් වීම කල් යමින් පවතිනවා, තවද සමාගම් වල සේවා කරන පුද්ගලියන විසින් Blackberry වෙනුවට iPhone, Android ඉල්ලීම නිසාද තමන්ගේන් business බාවිතා කරන්නන් ද ගිලිහී යන බව තමයි පවසන්නේ.

RIM සමාගම පවසන්නේ Jim Balsillie (co-CEO) ද සමාගමෙන් අවුරුදු 20කට පසුව ඉවත් අතර, David Yach, chief technology officer for software ද  Jim Rowan chief operating officer for global operations ද සමාගමෙන් ඉවත් වෙන බවයි.

source

4
Apr

වසර 18කට කලින් iPad එකක්, හැදුවේ නම් apple නොවෙයි!

දැනට Apple සමාගම විසින් Samsung/HTC සමාගම් නඩු පවරා තිබෙනවා iPad එක කොපිකිරීමෙන් Samsung Tab වැනි Android tabl නිපදවන බවත්, Tablet කියනේ Apple ලගේ නිර්මාණයක් ලෙසත්.  නමුත් දැන් පෙනීයනවා iPad නිර්මාණය වසර 18ක් පරණ නිර්මානයක් බව. ඒ කියන්නේ ජොබ්ස් මේකත් හොරකම් කරපු අදහසක් ?

ඒ විතරක් නොවෙයි Apple වින්සින් iPad එක apple නිර්මාණයක් නොවෙන අතර මෙය 1994දී Fidler/Knight Ridder tablet එකේ අදහස්ක් බවත් Apple D889 පේටන් බලත්‍රය ඇපල්ට අහිමි වෙන බවක් තමයි පෙන්නේ. 1994 දී Knight Ridder කියන පුවත් පත් සමාගම තමයි මේ iPad එක මීට වසර 18කට පෙර නිර්මාණය කරේ….

පහත විඩියෝවෙන් මේ ගැන විස්තරාතමක දක්වා තිබෙනවා.

 

-->