Skip to content

Posts tagged ‘microsoft’

15
Apr

Apple Store සමග තරඟ කිරීමට ‘Microsoft Store’…

ඈපල් උපාංග වල විකුණන්න ඇපල් අනුගමනය කරන එක උපක්‍රමයක් තමයි ‘ඇපල් ස්ටෝර්’. මොකද, ඇපල් ස්ටෝර් වල තියෙන්නෙ ඇපල් නිෂ්පාදන පමණක් නිසා වෙනත් නිෂ්පාදන සමග කිසිම තරඟයකට මුහුණ දෙන්න දෙයක් නැති වීම. එම උපක්‍රමය අනුගමනය කරන්න මයික්‍රොසොෆ්ට් සමාගමත් දැන් පෙළඹිලා තියෙන්නෙ. ඔවුන් මේ දිනවල කරන්නෙ ‘මයික්‍රොසොෆ්ට් ස්ටෝර්’ නමින් ඔවුන්ගේම ප්‍රදර්ශනාගාර ආරම්භ කරන එකයි. (මෙහිදී ඔවුන් විකුණන්නෙ තමන්ගෙ මෘදුකාංග අඩංගු උපාංග. වින්ඩොස් දුවන ටැබ්ලට්, වින්ඩොස් ෆෝන් 7 ආදිය)
ආරම්භයේදී පාරිභෝගික ආකර්ශනය වැඩිකරගන්න ඔවුන් අනුගමනය කරල තියෙන්නෙ අපූරු උපක්‍රමයක්, ඒ පුළුවන් තරම් ඇපල් ප්‍රදර්ශනාගාර වලට ලඟින් මයික්‍රොසොෆ්ට් ප්‍රදර්ශනාගාර පිහිටුවීම.

මේ විදිහට තමන්ගේම ප්‍රදර්ශනාගාර පටන් ගන්න ​බොහෝ දෘඩාංග නිෂ්පාදකයන් පෙළඹෙන් බවක් තමයි දකින්න තියෙන්නෙ,​ හේතුව ඔක්කොම කල​වමේ තියෙන ප්‍රදර්ශනාගාර වලදි තමන්ගෙ brand එකට එන ආකර්ශනය අඩු වීමේ ඉඩකඩ වැඩි වීම.
මේ සංකල්පය ටික ටික ලංකාවෙත් ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ, යුනිටි ප්ලාසා පැත්තෙ ගියොත් දැකගන්න පුළුවන්​ (100%ක්ම එම brand එකම නොවුවත්) Dell Store, HP Store එහෙම තියෙනවා..

Source : C|net

5
Apr

ලිනක්ස් Kernel එක සදහා වැඩිම දායකත්වයක් Microsoft වෙතින් ?

Linux Foundation හි වාර්ෂික වාර්තාවට අනුව, පලමු වතාවට Linux කර්නලය සදහා ඉහලම දයකත්වයක් ඇති 20 දෙනාට Microsoft සමාගමද ඇතුලත්. 2010 යේ කර්නල් 2.6.36 නිකුත්වීම හා ජනවාරි වල නිකුත් වූ 3.2 නිකුතු අනුව, නව code (කේතයන්) ගෙන් 1% සදහා Microsoft සමාගම දායකත්වය ලබාදී තිබෙනවා.

මෙයට මූලික හේතුවනම් Microsoft සමාගමේ Linux සදහා වූ, 2009 යේදී Opensource ලෙස නිකුත් කල Hyper-V Driver එකේ කේතයන් සුද්ද කිරීමයි. මෙය කිරීමට හේතුව Linux, Microsoft virtualization server වල නිසියාකාරව දාවනය වෙන්න උවමණා දෑ සැකසීමයි. කලින් Microsoft සමගම විසින් copyright code හා GPL code එකට එකතු කිරිමේ වරදට අසුවී, 2009 යේදී මෙය Opensource කිරීමට සිදුවිය. නමුත් code එකේ පැවති අඩුපාඩු නිසා මෙය Kernel නිකුතුත් සමග නිකුත් උනේ නෑ. නමුත් K.Y. Srinivasan විසින් කෝඩ් ලයින් 9709, ඒ කියනේ Kernel එකෙන්ක් 1.1% නැවත් පිරිසිදු කොට සැකසීමත් සමග ජූලි මස නිකිතු වූ. 3.0 සමග මෙය kernel නිකුතුවට ඇතුලත් කර තිබෙනවා.

 

4
Apr

Xbox 720 වලට දිගටම Internet උවමණායි ?

කටකතා වලට අනුව Microsoft සමාගමේ අලුත්ම game console එකක් ලෙස කියන Xbox 720 (රහස් නම Durango) එකට game එකක් play හැම වෙලාවේම internet සම්බන්ද තාවයක් අනිවාර්‍යයෙන්ම තිබියයුතුයි කියා කියනවා. මෙය Microsoft සමාගම විසින් කරන්න යන්නේ පරිගනක ක්‍රීචා copy කිරිම හා බෙදාගෙන බාවිතා කිරීම වලකා තමන්ගේ game එක live id එක හා එකට ඈදීමට බව තමයි දැනගන්න ලැබුනේ.

කටකතාවලට අනුව xbox 720 එක Blu-ray වගේම GPU (Graphical Processors) දෙකකින් සමන්විත වෙන බවයි කියන්නේ. හරියට පරිගනකවල XLI, Crossfire වැනි.  Kinect sensor එක xbox 720 එක තුලම එන බව තමයි කටකතා අනුව කියවෙන්නේ. xbox 720 එක 2013නේ දෙසැම්බර් මස වෙලද පොලට නිකුත්වෙන බව කියවෙනවා.

 

-->