Skip to content

Posts tagged ‘Twitter’

7
Apr

ස්පෑම් යවන්නන්ට ‘ට්විටර්’ වෙතින් නඩු..!!

ට්විටර් සමාජ ජාලයම මේ වන විට ලෝක‍යේ ප්‍රධාන සමාජ ජාල අතරින් එකක්. මේ වන විට එහි සාමාජිකයන් සංඛ්‍යාව මිලියන එකසිය හතලිහත් ඉක්මවලයි තියෙන්නෙ. ලංකාවේත් ට්විටර් පාවිච්චි කරන්නන්, ට්විටර් හරහා සංවිධානය වූ හමුවීම් (TweetUp) එහෙමත් අඩුවක් නැහැ.

ට්විටර් පාවිච්චි කරන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ස්පෑම්කරුවන්ගේ කරදර වලට අහුවෙන එක. බොහෝ විට තම ට්විටර් ගිණුම විවෘතව (Unprotected Tweets) තබාගෙන ඉන්න අයට තමයි වැඩිම කරදරේ. මේ පුවත එහෙම අයට ඉතාමත් සුභ ආරංචියක් වෙයි. ඒ තමයි ට්විටර් විසින් ප්‍රධාන පෙලේ ස්පෑම්කරුවන් පස් දෙනෙක්ට එරෙහිව නඩු ගොනු කරපු සිදුවීම. අප්‍රේල් 4 වෙනිදා තමයි ට්විටර් මෙසේ නඩු ගොනු කලේ.

TweetAttacks (tweetattacks.com), TweetAdder (tweetadder.com), TweetBuddy (tweetbuddy.com), James Lucero (of justinlover.info) and Garland Harris (of troption.com) කියන පස් දෙනාට එරෙහිව තමයි මෙසේ නඩු ගොනු කරල තියෙන්නෙ. මොවුන් ස්පෑම්කරුවන් කිවුවට මොවුන් ස්පෑම් යවන්නෙ නෑ, ස්පෑම් යවන tool නිපදවීම තමයි මොවුන්ට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනාව. (ස්පෑම් ත් යවනව ඇති ඔය කිවුවට) විශේෂයෙන්ම මෙසේ ප්‍රධාන පෙලේ ස්පෑම්කරුවන්ට නඩු දාලා තියෙන්නේ, අනිත් ස්පෑම්කරුවන්ටත් එල්ල කරන රතු එලියක් ‍විදිහට.

ට්විටර් නීති මාලාව කඩකරන්නන්ට ‍එරෙහිව තදින්ම ඉන්න ට්විටර් ගත්ත තීරණය නිසා ඉදිරියට ට්විටර් ඉතාම යහපත් සමාජ ජාලයක් වේවි..

ඉහත සඳහන් කරපු අයට එරෙහිව ගොනුකරපු නඩු වල පිටපත් මෙතනින්..

 

මූලාශ්‍රය : Mashable

8
May

Hours spent on Twitter? කියා ඔබ රවටන වයිරසය!

දැනට Twitter ඔස්සේ Twitter වයිරසයක් පැතිරෙමෙන් පවතිනවා, මෙය තමන් පැය කීයක් Twitter හි සිටියා දැයි බලාගන්න පුලුවන් කියා ඔබව රවටා ඔබේ Twitter ගිනුමට ඇතුලත්වී එය hack වීමකට ලක් කරයි.

I have spent: 10.8 hours on Twitter! See how much you have: [LINK] ලෙස මෙම පනිවිඩය හැක් වූ Twitter ගිනුම් ඔසේ ප්‍රචාරය වේ. ඔබ එම ලින්ක් එක ක්ලික් කල විට එම අඩවිය මෙලෙස ඔබේ Twitter ගිනුමට ඇතුලත් වෙනන් සවසර ඉල්ලයි.

Read moreRead more

-->